2023 සැප්‍තැම්‍බර් 17, පෙ.ව. 12:06
 
            
කාවින්ද්‍යා අධිකාරි කියල කියන්නේ මෙරට තාරුණ්‍ය නියෝජනය කරන ගායන ක්ෂේත්‍රයේ කැපී පෙනෙන යොවුන් ගායන ශිල්පිනියක්.
මේ වෙද්දී ලාංකිකයන් හැමෝම වගේ මේ යොවුන් ගායන ශිල්පිනියට ආදරය කරනවා.
ඇත්තෙන්ම කාවින්ද්‍යා සිය මව සහ පියා ලෙසින්ම මේවන විට ජනප්‍රිය ගායන ශිල්පිනියක් බවට පත්ව අවසානයි.
කොහොම නමුත් තමන්ටම ආවේණික වු සුමිහිරි හඩකට හිමිකම් කියන ඇය පොලවේ පයගහලා ජිවත් වෙන නිහතමානී චරිතයක් ලෙස හදුන්වන්න පුලුවනි.
කොහොමහරි ඉතින් ගායනයෙන් පමණක් දස්කම් දක්වපු ඇය මේවෙනකොට හැමෝම දන්නා කියන රංගන ශිල්පිනියක් බවට පත්ව තිබෙනවා..
ඇගේ පළමු සිනමා නිර්මාණය තමයි ඝරසරප කියල කියන්නේ.
ඇය සිය පළමු සිනමා නිර්මාණයෙන්ම සම්මානයෙන් පිදුම් ලබනවා.
අනතුරුව සක්කාරන් වැනි ටෙලි නිර්මාණ ඔස්සේද අපට ඇයව දැකගන්නට ලැබුණා.
ඇත්තෙන්ම ඇය මේ වෙද්දී රංගන කුසලතාව මනාව පෙන්නුම් කරන නිලියක් වනවා.
ඒ වගේම තමයි ගොඩාක් දෙනෙක් බලාගෙන හිටියා සුන්දර රුවක් හිමි කාවින්ද්‍යාගේ ආදරය දිනා ගන්න තරුණයා කව්ද කියලා.
කාලයක් රහසේ ගලාගෙන ගිය මේ ප්‍රේමාන්දරයේ කාවිගේ හිත දිනගත්ත තරුණයාගේ ඡායාරූපයක් ඔන්න ඇය සමාජ ජාලා ගිණුමට එක් කරලා තිබුනා.
කවී ගැන ඇගේ පෙම්වතා පසුගිය දවසක ‘යූටියුබ්’ නාලිකාවකට ඇවිත් මේ විදිහේ කතාවක් කියලා තිබුණා.
‘සීයට සීයක් ගැළපෙන අය හම්බෙන් නෑනේ. කවී සීයට අනූ නවයක් ගැළපෙනවා. පොඩි පොඩි දේවල් තියනවා. කන බොන දේවල් වල ඉඳන් හැමදේම ගත්තම හරියටම හරි…’
‘මම මියුසික් අතෑරලා ලංකාවෙන් යන්න හිටියේ සේරම එපාවෙලා. යන්න මාස දෙක තුනක් තියලා මෙයාව හම්බවුණේ.. ගොඩක්ම සතුටු ඒ නිසා අම්මටයි තාත්තාටයි…’
 
                                                        2025 ඔක්තෝබර් 31, පෙ.ව. 12:09
 
                                                        2025 ඔක්තෝබර් 30, පෙ.ව. 12:08
 
                                                        2025 ඔක්තෝබර් 29, ප.ව. 4:32
 
                                                        2025 ඔක්තෝබර් 29, ප.ව. 1:06
 
                                                        2025 ඔක්තෝබර් 29, පෙ.ව. 12:06
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25