2023 සැප්‍තැම්‍බර් 17, ප.ව. 7:03
දෙමළ ජනයාගේ විමුක්තිය උදෙසා උපවාසයක යෙදී සිටිය දී ජීවිත්ෂයට පත් වූ තිලීපන්ගේ 36 වන ගුණ සැමරුමට සමගාමීව පැවැති රථ පෙළපාලියකට මැර ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.
ඒ, ත්‍රිකුණාමලය සර්ධාපුර මංසන්ධියේදීයි. එම අවස්ථාවේ දී එම රථයේ පාර්ලිමේන්තු මන්ත්‍රි සෙල්වරාජා ගජේන්ද්‍රන් ද සිටි බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ.
ත්‍යාගී තිලීපන්ගේ ඡායාරූපය රැගත් මෙම පෙළපාලිය පොතුවිල් ප්‍රදේශයෙන් ආරම්භ වී උතුරු බලා ගමන් කරමින් තිබුණා.
අද (17) ත්‍රිකුණාමලය මූතූර්, සේනෛයූර්, තම්පලගාමම් හරහා ත්‍රිකුණාමලය නගරය බලා එය ගමන් කරමින් තිබූ බව සඳහන්.
එහි දීයි අදාළ පහර දීම සිදුව ඇත්තේ.
සර්ධාපුර ප්‍රදේශයට රැස්ව සිටි සිංහල ජනයා විසින් අදාළ ප්‍රහාරය සිදු කළ බවයි අප වාර්තාකරු කියා සිටියේ.
එම ප්‍රදේශයේ ආරක්ෂාව සඳහා පොලිසිය සහ හමුදා නිලධාරින් රැස්කර තිබුණා.
කෙසේ වෙතත් ඔවුන් විසින් පෙළපාලි රථයට සහ එහි සිටි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට සිදු කළ පහර දීම වැළැක්වීමට කටයුතු නොකළ බවට දෙමළ ජාතික සන්ධානය චෝදනා කරනවා.
මුහුණ ආවරණය කරගත් තරුණයෙකු විසින් තිලීපන්ගේ ඡායාරූපය රැගත් රථයට ගලකින් පහර දී තිබෙනවා.
ඉන් නොනැවති රථය ඉදිරියට ගමන් කර ඇති අතර ඉන් අනතුරුව මාර්ග බාධක යොදා රථය නතර කර පහර දීමට කටයුතු කර ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.
එහි දී පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාජා ගජේන්ද්‍රන් සහ නීතිඥ එන්. කාණ්ඩීබන් යන මහත්වරුන්ට දැඩි ලෙස පහර දී ඇති බවයි වාර්තා වන්නේ.
මෙම රථ පෙළපාලියට ඊයේ දිනයේ දී ද දැඩි තර්ජන එල්ල වී තිබුණා.
2026 අගෝස්‍තු 31, පෙ.ව. 12:35
2026 අගෝස්‍තු 31, පෙ.ව. 12:32
2026 අගෝස්‍තු 31, පෙ.ව. 12:29
2026 අගෝස්‍තු 31, පෙ.ව. 12:16
2026 අගෝස්‍තු 31, පෙ.ව. 12:13