2023 සැප්‍තැම්‍බර් 18, ප.ව. 4:01
 
            
සාරංග දිසාසේකර වගේම ප්‍රියසාද් පවුලේ වැඩිමහල් දියණිය වන දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ සමාජ මාධ්‍යජාලා තුළ නිරන්තරයෙන්ම කතාබහට ලක්වෙන ආදරණීය යුවලක් බව අමුතුවෙන් කියන්නට අවශ්‍ය නැහැ.
ඉතින් මේ වන විට සුරතල් සිඟිති දියණියකගේ දෙමව්පියන් වන මේ යුවල රංගනයෙන් පොඩි විරාමයක් ලබාගෙන දැන් නැවතත් රංගනයට සම්බන්ධ වෙලා ඉන්නවා.
කොහොම නමුත් සමාජ මාධ්‍ය හරහා සාරංගට සහ දිනක් සිට දෝෂාරෝපණ එල්ල කරපු විශාල පිරිසකුත් හිටියා.
බනින අයට බනින්න ඉඩ දීලා තමන්ගෙ පාඩුවෙ ජීවිතය සුන්දරව ගත කරපු මේ දෙන්නා මේ වෙද්දි ආදරණීය සිඟිති දියණියකගේ දෙමව්පියන් වෙන්නත් වාසනාවන්ත වුණා.
රංගන ශිල්පියෙක් විදියට කාගේත් ආදරේ දිනාගන්න සමත්වුණ කඩවසම් රංගන ශිල්පියෙක් තමයි සාරංග දිසාසේකර කියන්නේ.
සාරංගගේ පළමු බිරිඳ වුණේ උමාලි තිලකරත්න. ඒක කාටවත්ම රහසකුත් නෙවෙයි.
ඒ වුණත් දික්කසාදයත් එක්ක වැඩිපුරම බැටකාපු කෙනා සාරංග කිවුවොත් වැරදි නැහැ. සාරංගව දඬුකඳේ ගහපු බොහෝමයක් උනුන් උමාලිව නිවැරදිකාරියක් කරන්නත් කටයුතු කර තිබුණා.
අවසානය හෝ අතරමඟක සාරංග තවමත් වැරදිකාරයෙක් විදිහට ලේබල් වෙලා ඉන්නවා.
සාරංග යම් කාලයක් නිවැරදි වෙන්න උත්සාහ ගත්ත වුණත්, දැන් බොහෝම මුනිවතින් හැමදේම දරාගන්න සාරංග පුරුදු පුහුණු වෙනවා.
මේ දිනක්ෂි කියූ කතාවක්. ‘මා නොකළ වරදකට වින්දිතයෙකු වී විවේචනයට ලක්වීමේ සිට පසුගිය වසර 5 තුළ මිනිසුන් මට එල්ල කළ ගල් මුල් සියල්ල ඉවසා සිටීම දක්වා….. මම තවමත් සියලු දුෂ්කරතාවයන්ට එරෙහිව ශක්තිමත්ව ඉන්නවා. කැඩපත දිහා බලනකොට, මට මං ගැන ආඩම්බයි, සියලු වෛරයන් මැද මම තාමත් ශක්තිමත් ඉන්න එක ගැන… මට ඒක කරන්න පුළුවන් නම් ඔයාටත් පුළුවන්…’
කවුරුත් නොදැන හිටියා වුණත්, සාරංග සහ උමාලිගේ අතීත කන්දරේ වරක් සාගරිකා ධර්මබන්ධු කියන නීතිඥතුමිය ඇගේ මුහුණු පොතට කවියෙන් ලියලා තිබුණේ මෙහෙමයි.
‘ආදරණීය සාරංග!
දවසක්දා උසාවියට මං එනකොට එක මුල්ලක..
නුඹ හිටියා හිස් දෑසින් කිසිවක් නොකියා..
සත්තයි මට නුඹ දැක්කම කිව්වෙම හෙල්ලුන මගෙ හිත..
ආදරයක් මේ තරමට නපුරුද කියලා..
උන දේ දැන දැන හොඳටම, එකමෙක ගතුවක් නොකියම..
ඇය හැරගිය බව පමණක් කියනව ඇහුණා..
ඈ වෙනුවෙන් ඔය මූනෙම පෙරදී පෑයූ සිනහව..
සත්තයි මොහොතක් නෑරම දියවෙනු දුටුවා..
ගල්මුල් ගහ ගහ නුඹටම කොච්චර අය පද හැදුවද..
කලකදි පෙම් කල ඇය රැක ගත් හැටි පෙනුනා..
ඒ හින්දම වෙන්නට ඇති සමනලියක් ආදරෙ පිරි..
ඔය මූණට සිනහව ගෙන ආයෙත් ආවා..
වරදක් නොකරම හරියට ආදරෙ කෙරුවොත් කෙනෙකුට..
වැරදුන මුත් නැගිටින හැටි නුඹ පෙන්වූවා..
ලෝකෙම හිටියත් පරහට ජීවිතෙ විඳිනට හැකි බව..
සත්තයි නුඹ ඈ එක්කම ලොවටම කිව්වා…..
 
                                                        2025 නොවැම්බර් 01, පෙ.ව. 12:12
 
                                                        2025 නොවැම්බර් 01, පෙ.ව. 12:08
 
                                                        2025 ඔක්තෝබර් 31, පෙ.ව. 12:09
 
                                                        2025 ඔක්තෝබර් 30, පෙ.ව. 12:08
 
                                                        2025 ඔක්තෝබර් 29, ප.ව. 4:32
01-11-25
 
                                            01-11-25
01-11-25
 
                                            01-11-25
01-11-25
 
                                            01-11-25
01-11-25
 
                                            01-11-25
01-11-25
 
                                            01-11-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
30-10-25
 
                                            30-10-25