hit counter

2026 මාර්තු මස 16 වන සඳුදා

2022 මැයි 27, ප.ව. 5:12



ශ්‍රී ලංකා මහ බැංකුවේ පවත්වා ගෙන යන පළුදු නෝට්ටු හුවමාරු කවුළුව බදාදා දිනයන් හි පමණක් විවෘතව තැබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් මහ බැංකුව සදහන් කළේ මහජනතාව වෙනුවෙන් පවත්වාගෙන යන පළුදු නෝට්ටු හුවමාරු කවුළුව 2022 මැයි 19 වන දින සිට නැවත දැනුම් දෙන තුරු බදාදා දින පමණක් (රජයේ නිවාඩු දිනයන් හැර) විවෘත තැබෙන බවයි.

ඒ අනුව බදාදා දිනයන් හි පෙ.ව. 9.00 සිට මධ්‍යහ්න 12.00 දක්වා මහජනතාවට පළුදු නෝට්ටු හුවමාරු කර ගැනීමට අවස්ථාව හිමි වෙනවා.