hit counter

2026 සැප්‍තැම්‍බර් මස 01 වන අඟහරුවාදා

2023 සැප්‍තැම්‍බර් 20, පෙ.ව. 12:37



මෙරට වගා නොකළ ඉඩම් සඳහා මෙවර අය වැයෙන් බද්දක් පනවන බව සමාජ සවිබල ගැන්වීමේ රාජ්‍ය අමාත්‍ය අනූප පැස්කුවල් මහතා පාර්ලිමේන්තුවේදී සදහන් කළා.

එම බද්දෙන් උපයා ගන්නා මුදල් සමෘද්ධි  පවුල්වල වගා කටයුතු දියුණු කිරීමට යොදා ගන්නා ලෙස  යෝජනා කරන  බව රාජ්‍ය අමාත්‍යවරයා පවසනවා.

ජපානය පවා වවන්නේ නැති  ඉඩම්වලින් බදු අයකර ගන්නා බව අනූප පැස්කුවල් මහතා සඳහන් කළා.

රාජ්‍ය මෙන්ම පෞද්ගලික ඉඩම් නොයෙක්  හේතු මත වගා නොකර අතහැර දමා ඇතැයි කී රාජ්‍ය අමාත්‍යවරයා රාජ්‍ය වැවිලි සංස්ථාවේ ද වගා නොකළ ඉඩම් අක්කර සිය ගණනක් තිබෙන බවද ඒ පිළිබඳව විශේෂ අවධානයක් යොමු කළ යුතු බවද සඳහන් කළා.