2023 සැප්‍තැම්‍බර් 20, ප.ව. 3:22
වවුනියාව නෙලුක්කුලම් පොලිස් වසමේ භාරතීපුරම් ප්‍රදේශයේදී ජල ටැංකියකට වැටී මිය ගිය අවුරුදු 2ක් වයසැති දැරියගේ මළසිරුර මිහිදන් කල ස්ථානයෙන් අතුරුදහන් වීම හේතුවෙන් සිරුර සොයා දෙන්නෙකුට රුපියල් ලක්ෂ 20 ක් ලබාදෙන බවට මියගිය දැරියගේ ඥාතීන් පවසා සිටිනවා.
නෙලුක්කුලම් රාසේන්ද්‍රකුලම් පොදු සුසාණ භූමියේදී පසුගිය අගොස්තු මස 27 වනදා මිහිදන් කල එල්.දිව්‍යා නැමති දැරියගේ මළ සිරුර මේ මස (සැප්තම්බර් 05 වනදා ) අදාල මිහිදන් කල ස්ථානයේ මිණිවල හාරා සිරුර කිසියම් නාදුනන පිරිසක් විසින් රැගෙන ගොස් ඇති බවට දැරියගේ ඥාතීන් විසින් නෙලුක්කුලම් පොලීසියේ සහ වවුනියාව පොලීසියට පැමිණිළි කොට තිබුණා.
කෙසේ වෙතත් මේ දක්වා අතුරුදහන් වූ දැරියගේ මළ සිරුර සමබන්ධයෙන් කිසිදු හෝඩුවාවක් නොලැබීම හේතුවෙන් දැරියගේ මව වූ දැරියගේ මිත්තනිය වූ ගුණරත්නම් රෝහිණි විසින් වවුනියාව මාධ්‍ය සමාජයේදී මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා පවසා සිටියේ,
මේ වනතුරුත් කුඩා දැරියගේ අතුරුදහන් වූ මළ සිරුර සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් නොමැති වීමෙන් සියලුම ඥාතීන් දැඩි සිත්තැවුලකින් පසුවන අතරම දැරියගේ අතුරුදහන් සිරුර සම්බන්ධයෙන් තොරතුරු සපයන කෙනෙකුට රුපියල් ලක්ෂ 10 ක් ලබාදෙන බවටත් සිරුර සොයාදෙන අයෙකුට රුපියල් ලක්ෂ 20 ක් ලබාදෙන බවටත් තමන්ට කෙසේ හෝ දැරියගේ මළ සිරුර අවශ්‍ය බවටයි.
2026 අගෝස්තු 30, පෙ.ව. 12:30
2026 අගෝස්තු 30, පෙ.ව. 12:28
2026 අගෝස්තු 30, පෙ.ව. 12:17
2026 අගෝස්තු 30, පෙ.ව. 12:15
2026 අගෝස්තු 30, පෙ.ව. 12:13