hit counter

2024 ඔක්‍තෝබර් මස 18 වන සිකුරාදා

2023 සැප්‍තැම්‍බර් 23, ප.ව. 3:16



19 වන ආසියානු ක්‍රීඩා උලෙළේ චීනයේ හංජෝ නුවර ඔලිම්පික් ක්‍රීඩාංගණයේදී අද ආරම්භ වීමට නියමිතයි.

ඒ සඳහා වන විචිත්‍රවත් සමාරම්භක උළෙලක් අද පැවැත්වෙන අතර ප්‍රේක්ෂකයන් 80,000ක් ඊට සහභාගී වනු ඇතැයි අපේක්ෂා කරනවා.

සමාරම්භක උලෙළේ ප්‍රධාන ආරාධිතයා ලෙස චීන ජනපති ෂී ජින්පින් මහතා සහභාගිවීමට නියමිතයි.

මෙවර තරගාවලියට රටවල් 45ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 12,500කට අදික පිරිසක් එක්වීමට නියමිතයි.

ආසියානු ක්‍රීඩා උලෙළ පසුගිය වසරේ පැවැත්වීමට නියමිතව තිබුණද කොවිඩ්-19 වසංගතය හේතුවෙන් මෙම වසර දක්වා කල් දැමීමට පියවර ගත්තා.

මෙවර තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 96 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායම සහභාගී වන අතර ඒ සදහා රුපියල් මිලියන 36.8ක මුදලක් වැය කර තිබෙනවා.

ඉන් මිලියන 33ක්ම ජාතික ඔලිම්පික් කමිටුව විසින් ක්‍රීඩා අමාත්‍යංශය වෙත ලබා දීමට නියමිත බව ක්‍රීඩා අමාත්‍යංශය පවසනවා.

Example Image