2023 සැප්‍තැම්‍බර් 24, පෙ.ව. 9:43
පසුගිය දා සමාජ මාධ්‍ය තුළින් ප්‍රසිද්ධ වූ කාර්ගීල්ස් ෆුඩ් සිටි ශාඛාවක් තුළ දී පාරිභෝගික කාන්තාවකට පහර දීමේ සිද්ධියට සම්බන්ධ සැකකාර කාර්යය මණ්ඩල සාමාජිකයින් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිසිය පවසනවා.
කිසියම් හේතුවක් මත පාරිභෝගික කාන්තාවකට, එම ව්‍යාපාරික ස්ථානයේ කාර්යය මණ්ඩල සාමාජිකයන් විසින් එහි දොරගුලු දමා පහර දෙන දර්ශන සමාජ මාධ්‍යට නිකුත් වුණා.
ඒ අනුව ප්‍රචාරය වූයේ අදාළ සිද්ධිය සිදු ව ඇත්තේ හංවැල්ල ප්‍රදේශයේ වූ කාර්ගීල්ස් ෆුඩ් සිටි ශාඛාවක බවයි.
නමුත් පොලිසිය විසින් සිදු කරන ලද විමර්ශනවල දී හෙළිව ඇත්තේ එම සිද්ධිය සිදුව ඇත්තේ බොරැල්ල ප්‍රදේශයේ පිහිටි කාර්ගීල්ස් ෆුඩ් සිටි ශාඛාවක් තුළ බවයි.
2026 අගෝස්තු 31, පෙ.ව. 12:35
2026 අගෝස්තු 31, පෙ.ව. 12:32
2026 අගෝස්තු 31, පෙ.ව. 12:29
2026 අගෝස්තු 31, පෙ.ව. 12:16
2026 අගෝස්තු 31, පෙ.ව. 12:13