2023 සැප්‍තැම්‍බර් 27, ප.ව. 7:54
ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා සිය ධූර කාලය අවසන් කිරීමට නියමිත අතර, අද (27) ඉන්දීය මුදල් හා ආයතනික කටයුතු පිළිබඳ අමාත්‍ය එස්. නිර්මලා සීතාරාමන් මහත්මිය නවදිල්ලි නුවර පිහිටි මුදල් අමාත්‍යාංශ කාර්යාලයේ දී හමු වුණා.
සිය රාජකාරි කාලය තුළ ශ්‍රී ලංකාව වෙනුවෙන් ලබා දුන් සහයෝගය සහ මගපෙන්වීම පිළිබඳව කෘතඥතාව පළ කළ මොරගොඩ මහතා පසුගිය වසරේ ශ්‍රී ලංකාවේ පැවැති මූල්‍ය අර්බුදය පාලනය කර ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා ඩොලර් බිලියන හතරකට ආසන්න මුදලක් ලබා දීමට පුද්ගලිකවම මැදිහත්වීම සම්බන්ධයෙන් අමාත්‍යවරිය වෙත නැවත වරක් ස්තූතිය පුද කර සිටියා.
ශ්‍රී ලංකාවට අවශ්‍යම කර තිබුණ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ අරමුදල් පහසුකම ලබාගැනීම ඉදිරියේ ඉන්දීය රජය ගෙන ඇති නායකත්වය පිළිබඳව ද මහ කොමසාරිස් මොරගොඩ අමාත්‍ය සීතාරාමන්ට මහත්මිය වෙත කෘතඥතාව පුද කළා.
එමගින් ද්විපාර්ශ්වික සංවර්ධන හවුල්කරුවන් මෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතුළු බහුපාර්ශ්වික මූල්‍ය නියෝජිතායතන සමග ශ්‍රී ලංකාවේ ගමන ඉදිරියට ගෙනයාමට මැදිහත්වීම පිළිබඳව ද අමාත්‍ය සීතාරාමන් මහත්මියට ගෞරවය හිමිවන බව දැක්වූවා.
ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් කැලණිය රජමහා විහාරයේ බිතු සිතුවම් ඇතුළත් කර ප්‍රකාශයට පත් කළ “උරුමයක ආරුමය” කෘතියේ වෙළුම් දෙක මහ කොමසාරිස් මොරගොඩ මහතා විසින් අමාත්‍ය සීතාරාමන් මහත්මිය වෙත පිළිගැන්වූ අතර, එයට ඉන්දියාවෙන් ලැබුණ බුදුදහමේ දායාදය දැක්වෙන බිතුසිතුවම් ද ඇතුළත් වෙනවා.
සීතාඑළියේ සීතා අම්මාන් කෝවිල අසලින් ගලා බසින ඇළෙන් ලබාගත් පාශාණයක් ද ඇමැතිනියට සිහිවටනයක් වශයෙන් පිරිනැමිණ.
2025 මැයි 10, පෙ.ව. 11:09
2025 මැයි 10, පෙ.ව. 12:15
2025 මැයි 10, පෙ.ව. 12:14
2025 මැයි 10, පෙ.ව. 12:13
2025 මැයි 10, පෙ.ව. 12:13