hit counter

2024 දෙසැම්‍බර් මස 25 වන බදාදා

2023 සැප්‍තැම්‍බර් 30, ප.ව. 3:06



මහරගම සීතා ඇතින්නට ‌වනජීවි නිලධාරියෙකු විසින් වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඔවුන් එමඟින් පවසන්නේ වනජීවි නිලධාරීන් විසින් වනඅලි පළවා හැරීමේ අරමුණින් රබර් උණ්ඩ යොදාගෙන සිදුකළ වෙඩි තැබීමකදී සීතා ඇතින්න තුවාල ලබා ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් වනජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශයේ මෙහෙය වීමෙන් පරීක්ෂණයක් සිදුකිරීමට කටයුතු කරන බවද අදාළ නිවේදනයේ දැක්වෙනවා.

වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ නිලධාරීන් මහියංගනය පොලිසිය විසින් මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මහරගම සීතා ඇතින්නට වනජීවී නිලධාරි‌යෙකු විසින් වෙඩි තබා තිබුණේ අද අලුයම් කාලයේදීයි.

ඇතින්න මහියංගනය රජමහා විහාරස්ථානයේ පෙරහරට සහභාගී වීමෙන් අනතුරුව මහවැලි ගඟ අසල ගැට ගසා සිටියදීයි මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත්තේ.

මේ වනවිට ‍වෙඩි වැදුණු ඇතින්නට ප්‍රතිකාර සිදු කරන අතර, සීතා ඇතින්නට වයස අවුරුදු 47 ක් වනවා.

Monara