hit counter

2026 අගෝස්‍තු මස 29 වන සෙනසුරාදා

2023 සැප්‍තැම්‍බර් 30, ප.ව. 7:26



පෙරහැර සඳහා රැගෙන ආ ඇතින්නට වෙඩිතැබූ නිලධාරියාට ඇප ලබාදී තිබෙනවා.

සැකකරු අද (30) මහියංගණය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැකකරු රුපියල් ලක්ෂයක ශරීර ඇප මත නිදහස් කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.

මාපාකඩවැව වන ජීවි කාර්යාලයට අනුයුක්තව සේවය කරනු ලැබු සිවිල් ආරක්ෂක නිලධාරියෙක් මහියංගණ ඇසළ පෙරහැරට සහභාගී වූ සීතා ඇතින්නට වනඅලියෙකු යැයි සිතා වෙඩිතබා තිබුණා.

වෙඩි වැදුණු ඇතින්නට මේ වනවිට ප්‍රතිකාර සිදුකර ඇති අතර සීතා ඇතින්නගේ වයස අවුරුදු 47ක්.

රබර් උණ්ඩ යොදා සිදුකළ වෙඩිතැබීමකින් මෙම ඇතින්න තුවාල ලබා තිබුණා.