2023 ඔක්තෝබර් 02, පෙ.ව. 12:30
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක,ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක සහ අම්බලගොඩ ධර්මාශෝක විදුහලේ ආදි ශිෂ්‍ය දිනේෂ් චන්දිමාල් සිය පුද්ගලික ධන පරිත්‍යාගයෙන් ඉදිකළ “රංජිත් පණ්ඩිතගේ” ගෘහස්ථ ක්‍රීඩාංගණය විවෘත කිරීම ඔක්තෝබර් මස 1 වැනිදා සිදු කරනු ලැබුවා.
රුපියල් ලක්ෂ 200ක වියදමින් ඉදිකල මෙම ගෘහස්ථ ක්‍රීඩාංගණය සදහා සම්පූර්ණ වියදම දරණ ලද්දේ දිනේෂ් චන්දිමාල් සිය පුද්ගලික ධන පරිත්‍යාගයෙන් වීම විශේෂත්වයකි.
ධර්මාශෝක විද්‍යාලයේ බිමක ඉදිවුන ද මෙම ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පුහුණු වීම් සදහා අම්බලන්ගොඩ දේවානන්ද විදුහලේ සහ කුලරත්න විදුහලේ දරුවන්ටද අවස්ථාව හිමිවනු ඇත.
දිවා රාත්‍රී පුහුණුවීම්වල යෙදිය හැකි මෙම ක්‍රීඩාංගනය “රංජිත් පණ්ඩිතගේ” ගෘහස්ථ ක්‍රීඩාංගනය ලෙස නම් කිරීමද දිනේෂ් විසින් කළ තවත් කෘතගුණ සැලකීමකි.

එනම් කොලඹ ආනන්ද විදුහලේ ක්‍රීඩා කරන සමයේ සිට ජාතික කණ්ඩායමේ ස්ථාවර වනතුරුම සිය අභිවෘද්ධිය වෙනුවෙන් කැප වූ ඩිමෝ සමූහ ව්‍යාපාරයේ සභාපතිවරයා වන රංජිත් පණ්ඩිතගේ මහතාට කල කෘතගුණ සැලකීමක් ලෙස මෙම ගෘහස්ථ ක්‍රීඩාංගණය එතුමා නමින් නම් කරන ලදී.


ශ්‍රී ලංකා යුද හමුදාවේ ශ්‍රම දායකත්වය මත මේජර් ජෙනරාල් බිමල් විදානගේ මහතාගේ සැලැස්ම හා මග පෙන්වීම යටතේ දිනේෂ් චන්දිමාල්ගේ මුල්ම පුහුණුකරු වන අශෝක කුමාර මහතාගේ දැඩි කැමවීම මත මෙහි ඉදිකිරීම් සිදුවිය.

2026 සැප්තැම්බර් 28, ප.ව. 8:18
2026 සැප්තැම්බර් 28, පෙ.ව. 7:49
2026 සැප්තැම්බර් 28, පෙ.ව. 7:44
2026 සැප්තැම්බර් 27, ප.ව. 12:59
2026 සැප්තැම්බර් 25, ප.ව. 7:11