2023 ඔක්තෝබර් 02, පෙ.ව. 1:03
බැඩ්මින්ටන් ක්‍රීඩක නිලූක කරුණාරත්න, සිය ක්‍රීඩා දිවියෙන් සමුගන්නා බව නිවේදනය කර තිබෙනවා.
ජාත්‍යන්තර තරගාවලි කිහිපයකදී ම ශ්‍රී ලංකා නියෝජනය කරමින් පදක්කම් රැසක් දිනා ගැනීමට සමත් වූ නිලූක කරුණාරත්න 2012, 2016 සහ 2020 යන වසරවල දී ශ්‍රී ලංකාව වෙනුවෙන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලවල් නියෝජනය කළා.
ඔහු ජාත්‍යන්තර බැඩ්මින්ටන් ශ්‍රේණිගත කිරීම්වල ඉහළ ම දක්ෂතා දක්වා තිබුණේ 2013 වසරේ දී යි.
ඒ එම ශ්‍රේණිගත කිරීම්වල 34 වැනි ස්ථානයේ රැඳෙමින්.
අවස්ථා දෙකක දී පිරිමි කේවල බැඩ්මින්ටන් ඉසව්වෙන් ආසියානු ක්‍රීඩා උළෙලේ දී රිදී පදක්කම් දිනා ගෙන ඇති නිලූක, එක් අවස්ථාවක දී එම තරග අංශයෙන් රට වෙනුවෙන් ලෝකඩ පදක්කමක් දිනාගෙන තිබෙනවා.
මේ අතර එක් අවස්ථාවක දී බැඩ්මින්ටන් මිශ්‍ර යුගල තරග ඉසව්වක දී ද ආසියානු ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක් දිනා දෙන්න නිලූක කරුණාරත්න සමත් වී තිබෙනවා.
ඒ අනුව නිලූක කරුණාරත්න බැඩ්මින්ටන් ක්‍රීඩා දිවියෙන් සමුගන්නා විට ජාතික බැඩ්මින්ටන් ශූරතාව 17 වතාවක් සහ ජාත්‍යන්තර පදක්කමක් 34ක් ශ්‍රී ලංකාවට දිනා දී තිබුණා.
2024 දෙසැම්බර් 20, පෙ.ව. 12:24
2024 දෙසැම්බර් 19, පෙ.ව. 8:32
2024 දෙසැම්බර් 17, ප.ව. 11:21
2024 දෙසැම්බර් 16, පෙ.ව. 9:17
2024 දෙසැම්බර් 16, පෙ.ව. 8:39