hit counter

2026 අගෝස්‍තු මස 26 වන බදාදා

2023 ඔක්‍තෝබර් 03, පෙ.ව. 11:44



එංගලන්තයේ Marylebone Cricket Club (MCC) ක්‍රීඩා සමාජයේ ලෝක ක්‍රිකට් කමිටුවේ නව සභාපතිවරයා ලෙස ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර පත්කර තිබෙනවා.

එංගලන්ත හිටපු ක්‍රිකට් නායකයෙකු වන මයික් ගැටිංගෙන් පසුව මෙම කමිටුවේ නව සභාපතිවරයා ලෙස සංගක්කාර පත් කර තිබෙන අතර මෙම කමිටුවට තවත් හිටපු ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් ඇතුළත් වනවා.

ඒ අතරට සෞරව් ගංගුලි, හෙදර් නයිට්,ජැස්ටින් ලැන්ගර්, ඔයන් මෝගන් සහ ග්‍රැහැම් ස්මිත් ඇතුළුත්.

කුමාර් සංගක්කාර 2019 දී මාර්ලිබෝන් ක්‍රීඩා සමාජයේ මහා බ්‍රිතාන්‍ය ජාතිකයෙකු නොවන පළමු සභාපතිවරයා පත් වූ අතර එහිදි ඔහු වසර දෙකක කාළයක් සේවය කළා.