hit counter

2026 පෙබරවාරි මස 03 වන අඟහරුවාදා

2023 ඔක්‍තෝබර් 04, ප.ව. 3:14


ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නේ මෙහෙමයි

අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෑස් මිල ඉහළ දමා තිබෙනවා.

කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 343 කින් ඉහළ දැමෙන බව ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පැවසුවා.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 3,470 කි.

කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 137කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 1,393ක් වෙයි.

කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 63කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 650කි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: