2023 ඔක්තෝබර් 06, පෙ.ව. 12:04
            
“ඒ සෙක්ස් නෙවෙයි. මම දුන්නු තුටුපඬුරු.
ඉබේටම ඒ විදිහේ තුටුපඬුරු හැමෝටම දෙන්න වුණා.”
“ඒවා ගලවනවා. අල්ලනවා. අතගානවා. බදාගන්නවා.
එහෙම්මම…. පස්සෙ….”
“ගැහැනු කියන්නෙ මේ මහ පොළවට කිඳා බැහැපු චරිත.. උන්ව කියවන්න තේරෙන්නෙ නැති වුණාම පිරිමි උන්ට විරිත්තනවා.. උන්ව බදාගන්නවා, ඉඹිනවා… අන්තිමට ආදරෙන්ම මරලා දානවා. වීසි කරලා දානවා. එක්කො පිහියකින් පපුව පාසාරූ කරනවා. සිලි බෑග් එකකට කොටස් එකතු කරනවා. ඔලුව අතුරුදහන් කරනවා… පස්සෙ උන් සාධාරණයි කියන්න, නැත්තම් හරියි කියලා කියන්න ලියුමක් එහෙමත් ලියනවා…….”
නිරූ කතාව පටන් ගත්තෙ එහෙම. ඒ වෙනකන් ඈ කියපු ඒ කතාව නොතේරුණා නම්….
දැන් ඔබට අවස්ථාවක් තියෙනවා. මේ කතාව මුල ඉඳන් අහන්න.
ලෑස්ති වෙන්න !
එකායි ! දෙකා…………..යි !!
“මම මුලින්ම මොඩ්ලින් කළේ. මොඩ්ලින් කියන්නෙ එන්න අමාරු ෆීල්ඩ් එකකුත් නෙවෙයිනේ. හරිම ලේසියි එන්න. මේ ඒ විදිහට ආපු ගමනේ අවසානය. මගේ ෂූට් එක කරපු කැමරමන් තමයි මාව මුලින්ම ගොදුරු කරගත්තෙ. මිනිහා රාස්සයෙක් වගේ. මාව හීරුවා හැපුවා. හැබැයි සතුටු කළා. ඒ සෙක්ස් නෙවෙයි. මම දුන්නු තුටුපඬුරු. ඉබේටම ඒ විදිහේ තුටුපඬුරු හැමෝටම දෙන්න වුණා. එහෙම නොවුණා නම් මට මේ ෆීල්ඩ් එකේ ඉස්සරහාට යන්න බෑ…”
“මට හිටියේ තාත්තා විතරයි. තාත්තා පැරලයිස් වුණා අවුරුද්දකට කලින්. මගේ අක්කා බැඳලා රට ගියා. එයා අපි ගැන බලන් නෑ දැන්. අඩුම තාත්තා ගැනවත්… තාත්තා හිතන් ඉන්නෙ මම කොළඹ ලොකු රස්සාවක් කරනවා කියලා. එයා දන් නෑ එයාගේ දුව අතින් අත යන කෙනෙක් කියලා…”
“වාසනාවකට වගේ මම ලස්සන කෙල්ලෙක් වුණු එක මට ලේසි වුණා. කොටින්ම කොල්ලෙක් දෙපාරක් බලන විදිහේ ලස්සනක් මට තිියෙනවා. ඒ ලස්සන නිසාම මම බය නැතුව ගණන් උස්සනවා. මගේ අන්තිම ගාණ 40,000යි. අනික මම එහෙම ලේසියෙන් යන්නෙත් නෑ. එන අය ක්ලීන් වෙන්න ඕනි. සල්ලි කොච්චර දුන්නත් වැඩක් නෑ. කොටින්ම ඉංජිනියර්ස්ලා, ප්රොක්ටස්ලා පවා එනවා. හැමදාම එන යන දියවන්නාවේ මන්ත්රී කෙනෙකුත් ඉන්නවා. ඌ නම් කරුමයක්… ලෝකෙට නම් ඌ පෙන්නන්නේ හොඳ මූණ… ඌට ඕනි උගේ ගෑනිට වගේ මාව අන්ඳන්න. ඊටපස්සෙ හැඩ බලන්න. ගෑනිගේ ඇඳුම් ඔක්කොම ගෙනල්ලා මට තෑගි දීලා තියෙන්නෙ. ඌ එන දවසට මට සැප තමයි..”
“කන්න බොන්න සේරම අරන් එන්නෙ. ඒවාත් ඉස්තරම්ම ඒවා. ඒත් දන්නවද… ඒ මිනිහා හරි පුදුමයි. මට කිසිම හිංසාවක් කරන් නෑ. ගෑනි දිහා බලන් ඉන්නවා වගේ ඇඳුම් අන්ඳනවා. ඒවා ගලවනවා. අල්ලනවා. අතගානවා. බදාගන්නවා. එහෙම්මම නිදාගන්නවා. ඒක අමුතුයි නේද? මම අදටත් දන් නෑ එයා එහෙම හැසිරෙන්න හේතුව.. මට ඒ ගැන හොයන්න ඕනිත් නෑ.. මේක කරුම රස්සාවක් කියලා හිතෙන වාර තියෙනවා. ඒත් මම මේක අතඅරින එකක් නෑ. තාත්තාව සනීප කරගන්න නිසාම කරනවා කියලා හිතුවත් දැන් මම මේකට ඇබ්බැහි වෙලා…”
ගැහැනු නම් මහා…..
කියලා කියන්න නේද හැදුවේ ?
එහෙම කියනවද ? වෙන විදිහකට කියනවද?
උන් ජීවිතේ විඳිනවා, විඳවනවද කියලා හිතනවද ?
අනේ මන්දා…. මේ මහ පොළවේ ජීවිත එහෙම තමයි.. පුදුමයි!!
                                                        2025 නොවැම්බර් 04, පෙ.ව. 12:06
                                                        2025 නොවැම්බර් 04, පෙ.ව. 12:02
                                                        2025 නොවැම්බර් 03, පෙ.ව. 12:07
                                                        2025 නොවැම්බර් 03, පෙ.ව. 12:06
                                                        2025 නොවැම්බර් 02, ප.ව. 8:17
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
03-11-25
                                            03-11-25
03-11-25
                                            03-11-25
03-11-25
                                            03-11-25
03-11-25
                                            03-11-25
03-11-25
                                            03-11-25
02-11-25
                                            02-11-25