2023 ඔක්‍තෝබර් 06, ප.ව. 10:40
යාපනය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අවසන් වසර සිසුවෙකු අතුරුදහන්ව ඇති බවට තොරතුරු වාර්තා වෙනවා.
ඒ සම්බන්ධයෙන් ඊයේ (05) ඔහුගේ දෙමව්පියන් යාපනය පොලීසියට පැමිණිලි කර ඇත.
මෙලෙස අතුරුදහන්ව ඇත්තේ අනුරාධපුරයේ පදිංචි සිසුවෙක් වන අතර ජංගම දුරකතනය දින කීපයක සිට අක්‍රිය වී තිබෙනවා.
ඒ හේතුවෙන් සිසුවාගේ දෙමව්පියන් යාපනය විශ්ව විද්‍යාලයට පැමිණ ඔහු ගැන සොයා බලා ඇත.
නමුත් ඔහු ගැන කිසිම තොරතුරක් දැන ගැනීමට නොමති බැවින් දෙමව්පියන් මෙසේ පොලිසියට පැමිණිලි කර ඇත.
මේ අතර එම සිසුවා යාපනය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයට අයත් නේවාසිකාගාරයක සිට ඇත.
කෙසේ වෙතත්, ඔහු සමග සිටි යහළුවන් ද ඔහුට සිදු වූයේ කුමක්ද යන්න නොදන්නා බව මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙනවා.
2026 අගෝස්‍තු 28, පෙ.ව. 12:23
2026 අගෝස්‍තු 28, පෙ.ව. 12:18
2026 අගෝස්‍තු 28, පෙ.ව. 12:18
2026 අගෝස්‍තු 28, පෙ.ව. 12:17
2026 අගෝස්‍තු 28, පෙ.ව. 12:13