hit counter

2026 මාර්තු මස 05 වන බ්‍රහස්පතින්දා

2023 ඔක්‍තෝබර් 07, ප.ව. 1:01



මාතර දිස්ත්‍රික්කයේ ආපදා සහන කටයුතු සඳහා හමුදා භටයන් 600ක් පමණ යොදවා ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කර තිබෙනවා.

පවතින අයහපත් කාලගුණ තත්ත්වයෙන් මේ වන විට මාතර දිස්ත්‍රික්කයට දැඩි බලපෑමක් එල්ල වී ඇත.

මේ අතර, පවතින ආපදා තත්ත්වය හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ සියලුම පාසල් ලබන 09 සහ 10 යන දෙදින තුළ ද වසා දැමීමට තිරණය කර තිබෙනවා.