2023 ඔක්‍තෝබර් 07, ප.ව. 5:53
මහරගම ප්‍රදේශයේදී දුම්රිය මාර්ගය මතට කොස් ගසක් කඩාවැටී තිබෙනවා.
එහිදී සිදුවන්නට ගිය විශාල අනතුරක් වළක්වා ගැනීමට දුම්රිය ගේට්ටුවේ සේවය කළ සේවකයාට හැකිවී ඇත.
මහරගම දුම්රිය ස්ථානයට මීටර් 600ක් පමණ කොට්ටාව දෙසින් පිහිටි ඉඩමක තිබූ වසර 40ක් පමණ පැරණි කොස් ගසක් එලෙස දුම්රිය මාර්ගයට කඩාවැටී තිබෙනවා.
අවිස්සාවේල්ල සිට කොළඹ බලා උදෑසන 8ට පමණ දුම්රිය ධාවනය වෙමින් තිබියදී මහරගම ගුරු විද්‍යාලය අසල පිහිටි ඉඩමක තිබූ මෙම කොස් ගස මුලින් ඉදිරී දුම්රිය මාර්ගයට වැටී ඇත.
එම සිදුවීම අසල තිබූ CCTV කැමරාවක ද සටහන් වී තිබුණා.
එම කොස් ගස දුම්රිය මාර්ගයට වැටී විනාඩි 02ක් වත් ගතවීමට මත්තෙක් කොළඹ දෙසට දුම්රියක් ධාවනයවීමට නියමිතව තිබුණා.
එහිදී වහා ක්‍රියාත්මක වූ ගේට්ටු මුරකරු කොට්ටාව දෙසට මීටර් 200ක් පමණ දුර දිවගොස් දුම්රිය නතර කිරීමට සංඥා කර ඇත.
එසේ නොමැති නම් දුම්රිය මාර්ගයට වැටී තිබූ ගසේ දුම්රිය ගැටීමෙන් විශාල අනතුරක් සිදුවීමට තිබුණා.
එම සිද්ධියෙන් පසුව දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයින් සහ පොලීසිය මහජනතාවගේ ද සහාය ඇතිව විනාඩි 30ක් ඇතුළත කොස් ගස කපා දුම්රිය මාර්ගය යථා තත්ත්වයට පත්කිරීමට පියවර ගැනුණි.
2025 අප්‍රේල් 01, පෙ.ව. 11:58
2025 අප්‍රේල් 01, පෙ.ව. 11:51
2025 අප්‍රේල් 01, පෙ.ව. 11:19
2025 අප්‍රේල් 01, පෙ.ව. 9:37
2025 අප්‍රේල් 01, පෙ.ව. 12:29