2023 ඔක්තෝබර් 08, පෙ.ව. 12:10
            
අපේ රටේ දශක දෙකකට ආසන්න කාලයක් තරුණ ප්රේක්ෂක හදවත් ආදරණීය ගීත ගායනයෙන් මුසපත් කළ කඩවසම් නිහතමානී රියැලිටි වේදිකාවෙන් බිහි වූ වෙනස්ම ගායන තරුවක් ලෙස ශිහාන් මිහිරංග හැදින්විය හැකිය.
එම රියැලිටි තරුව ප්රේක්ෂක හදවත් තුල කෙතරම් ලැගුම් ගෙනද කිවහොත් කාලයක් අපේ රටේ තරුණියන්ගේ සිහින කුමරා බවට නිතැතින්ම පත් වුණා.
ඒ ආදරය තවමත් නොඅඩුව පවතින්නේ ඔහු තුළ තිබෙන නිහතමානී ලෙන්ගතුකම නිසයි.
එදා අද හෙට කියලා වෙනසක් නෑ ශිහාන්ට ලැබෙන ආදරේ එහෙමමයි. ඒ ලැබෙන ප්රතිචාරවල කිසිම අඩුවක් නෑ. එන්න එන්නම වැඩි වෙනවා මිස.
පහුගිය දවසක පැවති ”Dreamz of Shihan” රාත්රිය ඊට සාක්ෂියි.
පුංචි කාලෙ ඩේ කාඩ් එකක පරිස්සම් කළ රුව හැබහින් වේදිකාවක් මත ගීතවත් වෙද්දි, ඒ ආදරේ ගැන කියන්න හොඳම විදිය තමයි රෝස මල් තිළිණය.
එහෙම ආදරණීය තිළිණයක් අරන් සිහින තරුව ගීතවත් වන වේදිකාවට ගොඩවෙන්න ඉඩක් ලැබුණොත්, සමහරවිට ඒක ජීවිත කාලෙටම ලැබෙන සහ ලැබුණු හොඳම තෑග්ගක් වෙයි.
ජනප්රිය නිවේදිකාවක් සේම නර්තනය නිසාම කාගෙත් කතාබහට ලක්වන සචිනි නිපුන්සලා ඒ අවස්ථාව ලබාගන්නේ කාගෙත් ප්රතිචාර රැසක් මැද.
ඔය ප්රතිචාර අතර මීට අවුරුදු ගාණකට ඉස්සර ශිහාන් වේදිකාවට ගොඩකරගත් ගෑනු දරුවට වගේ ඊර්ශ්යා කරන ප්රතිචාරත් නැතුවාම නෙවෙයි….
මොකද කීයෙන් කීදෙනාටද මෙහෙම අවස්ථාවක් ලැබෙන්නෙ….
ඉතින් එය ඈ ජීවිතේ ලද ආදරණීයම මතකයක් බව නොකියා කොහොමද…
”මෙතරම් විශිෂ්ට සැබෑ රසිකයෙක් වීම ගැන ඔබට බොහෝම ස්තූතියි සහ මාව දැකීමට ටිකට් පතක් මිලදී ගැනීමට තරම් ඔබ නොපසුබටව සිටීම ගැන මම ආඩම්බර වෙමි. ගොඩක් ආදරෙයි නංගි..” සචිනිගෙ ආදරේට ශිහාන් එහෙම ප්රතිචාර දක්වද්දී,
”අවුරුදු 18 ක් මගේ පාසල් කාලයේ සිට, මම මේ මොහොත එනතුරු බලා සිටිමි. එවැනි සුන්දර මිනිසෙකු සමඟ සුළු මොහොතකට පවා වේදිකාවක් බෙදා ගැනීමට ලැබීම ඇත්තෙන්ම මට ගෞරවයක්. මම ඔබව දන්නා කාලයේ සිටම මම ඔබේ සැබෑ රසිකයෙක් වීමි” යන්නෙන් සචිනි සිය අවංක හැඟීම වචන කර තිබෙනු දක්නට ලැබුණා.


                                                        2025 නොවැම්බර් 04, පෙ.ව. 12:06
                                                        2025 නොවැම්බර් 04, පෙ.ව. 12:02
                                                        2025 නොවැම්බර් 03, පෙ.ව. 12:07
                                                        2025 නොවැම්බර් 03, පෙ.ව. 12:06
                                                        2025 නොවැම්බර් 02, ප.ව. 8:17
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
03-11-25
                                            03-11-25
03-11-25
                                            03-11-25
03-11-25
                                            03-11-25
03-11-25
                                            03-11-25
03-11-25
                                            03-11-25
02-11-25
                                            02-11-25
02-11-25
                                            02-11-25
02-11-25
                                            02-11-25