hit counter

2026 අගෝස්‍තු මස 28 වන සිකුරාදා

2023 ඔක්‍තෝබර් 09, පෙ.ව. 12:08



රටේ රාජ්‍ය සේවකයින්ට ලක්ෂ 15ක් සිටින බැවින් රාජ්‍ය සේවය ආණ්ඩුවට දරාගත නොහැකි ගැටලුවක් වී ඇති බව අමාත්‍ය රමේෂ් පතිරණ සදහන් කරයි.

එනිසා ඉදිරියේදී රාජ්‍ය සේවයේ අත්‍යවශ්‍යම ක්ෂේත්‍රවලට හැර වෙනත් රාජ්‍ය ක්ෂේත්‍රයේ කිසිදු රැකියාවක් සඳහා නව බඳවා ගැනීම් සිදු නොවනු ඇති බවද අමාත්‍ය රමේෂ් පතිරණ සදහන් කරයි.

අමාත්‍ය රමේෂ් පතිරණ තවදුරටත් සදහන් කළේ,

“රාජ්‍ය සේවකයන් ලක්ෂ 15ක් ඉන්නවා. රටේ ජනගහනය මිලියන 21යි. ආසන්න වශයෙන් ජනගහනය 12 දෙනෙකුට රාජ්‍ය සේවකයෙක් ඉන්නවා. ඒක ලෝක රාජ්‍ය සේවක අනුපාතය වැඩිම එකක්. ඉතින් අපි සියලු දෙනා විශාල ජාතික බරක් දරනවා තවදුරටත් ඒක කරන්න බැහැ.”