2023 ඔක්‍තෝබර් 09, පෙ.ව. 12:18
            
අතුල කියන්නෙ අතිශය සරාගී හඬක හිමිකරුවෙක්.
නිවී හැනහිල්ලේ අහන් ඉන්න පුළුවන් විදිහේ ආදරණීය හඬක් ඔහු සන්තකව තිබුණා. ඒ හඬ සමිතාගේ හඬත් එක්ක පෑහෙන්න ගන්නකොට වෙනම රහක් ගෙනාවා.
අදටත් අතුල කියන්නෙ ඩුවට් කරන්නෙ සමිතා එක්ක විතරයි කියලයි.
අතුලගෙත් සමිතාගෙත් වෙන්වීම ගැන නොයෙකුත් විදිහේ කතාන්දර ඒ සමයේ ඇහෙන්න ගත්තා.
ඒ අනුමාන කිරීම් එහෙම් පිටින්ම හරි වුණත්, එක්කෝ වැරදි වුණත් ඉදහිට ප්‍රසංග වේදිකාවක් ඇතුළේ සමීප වෙන ආදරණීය යුවළකට ප්‍රේක්ෂක ආදරය අඩුවක් නැතුව ලැබුණා.
සමිතාගෙන් පස්සෙ අතුලගේ සිත් ගත්තේ අමායා. ඒ වුණත් ඒ විවාහයටත් වැඩි ආයුෂ තිබුණේ නැහැ.
සමිතාත් දැන් විවාහකයි. අමායාටත් එයාගේ ම වුණු කෙනෙක් ලැබිලා.
ඒත් අතුල..? තවමත් තනිකඩයි.
‘දික්කසාදය කියන දේ දිහා වපර ඇහින් බලනවනෙ. විවාහය බලන්නෙත් එහෙමයි. විවාහයට වුණත් කී දෙනෙක්ගේ කැමැත්ත ගන්න ඕනිද? මේ කෙල්ල හරි යන් නෑ. මේ කොල්ලා හරි යන් නෑ කියනවා. මගේ පළවැනි තීරණේ මම කැමති කෙනා එක්ක විවාහ වෙනවා. මගේ අම්මා තාත්තා කිසිම දවසක කිසිම බලපෑමක් කරලා නෑ කිසිම දේකට. හැබැයි අපේ තාත්තලා ඒක මොනිටර් කරනවා. මටත් එහෙමයි නංගිටත් එහෙමයි. විවාහ වුණාට පස්සෙත් මම ඉන්නෙ ඒ නිදහස ඇතුළෙ තමයි. සමාජය මොකද්ද කියන්නෙ කියන එක මට අදාළ නෑ. අම්මා තාත්තා වුනත්, මම දික්කසාද වුණා කිව්වම ‘ආ ඇත්තද’ ඇහුවා මිසක් කවදාවත් බැනලා නෑ. තාත්තයි අම්මයි එක වචනයක් කියලා නෑ සමිතාටවත් අමායටවත්. ඒ අතින් මම හරි වාසනාවන්ත යි.’
                                                        2025 නොවැම්‍බර් 04, පෙ.ව. 12:06
                                                        2025 නොවැම්‍බර් 04, පෙ.ව. 12:02
                                                        2025 නොවැම්‍බර් 03, පෙ.ව. 12:07
                                                        2025 නොවැම්‍බර් 03, පෙ.ව. 12:06
                                                        2025 නොවැම්‍බර් 02, ප.ව. 8:17
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
03-11-25
                                            03-11-25
03-11-25
                                            03-11-25
03-11-25
                                            03-11-25
03-11-25
                                            03-11-25
03-11-25
                                            03-11-25
02-11-25
                                            02-11-25
02-11-25
                                            02-11-25
02-11-25
                                            02-11-25