hit counter

2025 අප්‍රේල් මස 20 වන ඉරිදා

2023 ඔක්‍තෝබර් 09, ප.ව. 1:54



2023 ලෝක කුසලාන රග්බි තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත් කණ්ඩායම් මේවන විට තහවුරු වී තිබෙනවා.

මෙවර ලෝක කුසලානයේ මූලික වටයේ තරග අද නිමාව දුටු අතර ඒ අනුව දකුණු අප්‍රිකාව ,නවසීලන්තය ,ෆිජී,එංගලන්තය,අයර්ලන්තය ,ආර්ජන්ටිනාව ,වේල්සය සහ සත්කාරක ප්‍රංශය අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තා.

මෙවර ලෝක කුසලානයේ පළමු වටයෙන්ම ප්‍රභල ඔස්ට්‍රේලියාව ඉවත්වීම කැපී පෙනුණා.

ඔස්ට්‍රේලියාව ලෝක කුසලානයේ පළමු වටයෙන්ම ඉවත් වූ පළමු අවස්ථාව ද මෙයයි.

අර්ධ අවසන් පූර්ව වටයට තරග ලබන සෙනසුරාදා ආරම්භ වීමට නියමිතයි.