hit counter

2025 ජූලි මස 03 වන බ්‍රහස්පතින්දා

2023 ඔක්‍තෝබර් 15, පෙ.ව. 12:28



බම්බලපිටිය දුම්රිය ස්ථානයේ අබලන්ව පවතින මගී ගුවන් පාලම වෙනුවට නව ගුවන් පාලමක් ඉදි කෙරෙන තුරු තාවකාලික ප්‍රවේශ පාලමක් ඉදිකිරීම රාජ්‍ය සංවර්ධන සහ නිර්මාණ නීතිගත සංස්ථාව විසින් ආරම්භ කර තිබෙනවා.

කලකට පෙර ඉදි කර තිබෙන මෙම මගී ගුවන් පාලමේ පාදම් කණු වලට යොදා ඇති යකඩ කම්බි කාලයත් සමග මුහුදු ඛාදනය ඇතුළු හේතූන් මත දිරාපත් වීම හේතුවෙන් මේ වන විට පාලම අබලන් තත්ත්වයට පත්ව ඇති බවයි සඳහන් වන්නේ.

කෙටි කලක් තුළ තාවකාලික පාලම ඉදිකර අවසන් කිරීමෙන් අනතුරුව කඩිනමින් මෙම ස්ථානයේ නව ගුවන් පාලමක් ඉදිකර අවසන් කිරීම සඳහා මේ වන විට කටයුතු කෙරෙමින් පවතිනවා.

පසුගියදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ලබාදුන් උපදෙස් පරිදි සිදුකෙරෙන මෙම තාවකාලික ප්‍රවේශ පාලමේ ඉදිකිරීම් ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය මාධ්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ විශේෂ නිරීක්ෂණයට ලක්වූ බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කරනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: