hit counter

2024 ඔක්‍තෝබර් මස 18 වන සිකුරාදා

2023 ඔක්‍තෝබර් 15, ප.ව. 5:00



පවතින අධික වර්ෂාවත් සමඟ අද (15)  බණ්ඩාරවෙල නගරය ජලයෙන් යට වී ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ ජායාරූප හුවමාරු වුණා.

එම ස්ථානයේ පැවති කාණුවක් අවහිර වීමෙනුයි එලෙස ජලයෙන් පිරී ගොස් තිබුණේ.

විනාඩි 05ක වැනි කාලයක් තුළ මිනිසුන් පිරිසක් එකතු වී එම කාණුව පිරිසිදු කිරීමත් සමඟ නැවත යථා තත්ත්වයට පත් වී තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ හරි අපුරු පෝස්ටුවක්ද හුවමාරු වෙමින් පවතින්නේ මෙලෙසයි.

කාණුව බ්ලොක් වෙලා පාරෙ වතුර පිරුණම “බණ්ඩාරවෙල නගරය යටවෙයි” වගේ හෙඩ්ලයින් ගහල නිව්සු දාපු පෝස්ට් දාපු බුකි මාද්දියවේදියො ටික, අර මිනිස්සු තුන් හතර දෙනා වතරෙ බැහැගෙන බ්ලොක් එක ඇරියට පස්සෙ දැං වතුර බැහැල ගියාමත් “බණ්ඩාරවෙල නගරය ආයෙත් මතුවුනා” වගේ හෙඩ්ලයින් එකක් ගහල නිවුස් දැම්ම නම් හරි. නැත්තං ට්‍ර්ප් එකක් එන්න ඉන්න මනුස්සයෙක් වත් සුද්දෙක් වත් මේ පැත්තෙ පළාතෙ එන එකක් නෑ.

දැං යහමින් වතුර බැහැල ගිහින්. ඒ මිනිස්සු තුන් හතරදෙනාට ගෞරවය!

– පසුව ලියමි –

බණ්ඩාරවෙල විතරක් නෙමෙයි ලංකාවෙම කාණු බ්ලොක්. ඕවා බලන රාජ්‍ය ආයතන අකර්මණ්‍යයි සහ අදූරදර්ශියි. ඒකෙ කතා දෙකක් නෑ. ඒ වගේම… ඒ වගේම… ඔබ කවදාවත් පාරෙ ටොපි කොලයක් වත් විසිකරල නැත්තං, ඒ නගරසභාවලට සහ රාජ්‍යආයතන වලට දෝෂාරෝපණය කරන්න සදාචාරාත්මක අයිතියක් ඔබට තියෙනවා.

Example Image




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: