hit counter

2026 ඔක්‍තෝබර් මස 01 වන බ්‍රහස්පතින්දා

2022 ජූනි 01, පෙ.ව. 4:31



බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල ත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (1) දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වැසි ඇති විය හැකි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, අනුරාධපුර දිස්ත්‍රික්කයේ ද වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවයි.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල ත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වල ත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල ත් විටින් විට පැ.කි.මී. (40-50)ක පමණ තද සුළං ඇති විය හැකියි.

මේ අතර, රත්නපුර, කෑගල්ල, කොළඹ, ගාල්ල, මාතර, කළුතර මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්වලට නාය යාම් අවදානමක් ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

ඒ අනුව රත්නපුර, කලවාන, ඇලපාත, කුරුවිට සහ ඇහැළියගොඩ ප්‍රදේශීය ලේකම් කොට්ඨාසවලට මෙලෙස නාය යාමේ රතු නිවේදන නිකුත් කර තිබෙනවා.

පවතින අධික වර්ෂාව හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසක ම ජන ජීවිතයට බලපෑම් එල්ල වී තිබෙනවා.