2026 ඔක්තෝබර් 01, ප.ව. 4:50
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂක නිලධාරියෙකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පෞද්ගලික මාධ්‍ය ආයතනයක කැමරා ශිල්පියා පොලිස් ඇප මත මුදාහැර තිබේ.
සිද්ධියට අදාළව සිදුකරන විමර්ශන සඳහා අදාළ කැමරා ශිල්පියා අද (01) කොම්පඤ්ඤවීදිය පොලීසිය වෙත කැඳවා තිබූ අතර, එහිදී ඔහුව සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
ඊයේ (30) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති නඩු කටයුත්තකින් අනතුරුව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පිටතට පැමිණි අවස්ථාවේදී, මෙම කැමරා ශිල්පියා විසින් ඒ මහතාගේ ආරක්ෂක නිලධාරියෙකුට මෙලෙස ප්‍රහාරයක් එල්ල කර තිබුණි.
2026 ඔක්තෝබර් 01, ප.ව. 3:15
2026 ඔක්තෝබර් 01, ප.ව. 2:39
2026 ඔක්තෝබර් 01, ප.ව. 1:27
2026 ඔක්තෝබර් 01, ප.ව. 12:41
2026 ඔක්තෝබර් 01, පෙ.ව. 11:55