2023 ඔක්තෝබර් 18, පෙ.ව. 10:57
 
            
ලෝක ළමා දිනය දා අඳින්නට අලුත් ගවුමක් නොමැති අවස්ථාවේදී ඩෙනිම් කලිසමක් සහ ටී ෂර්ටයක් ඇඳගෙන ආවේ මන්දැයි අසමින් කෑගල්ල ප්‍රදේශයේ විද්‍යාලයක විදුහල්පති හිමි නමක හා උප ගුරුවරයෙකු කනට පහර දුන්නායැයි පවසා ශිෂ්‍යාවක් පෙරේදා (16) කෑගල්ල මහ රෝහලට ඇතුළත් වී තිබෙනවා.
කෑගල්ල මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන එම ශිෂ්‍යාව ඔක්තෝබර් 01 වැනිදා විද්‍යාලයේ විදුහල්පති හිමි නම ඇතුළු ගුරුවරුන් සංවිධානය කර තිබුණු ළමා දින සැමරුමට සහභාගී වී තිබුණා.
එදින ළමා දින සැමරුමට ශිෂ්‍යාවන්ට පාට ගවුම් ඇඳගෙන එන ලෙස දැනුම් දී තිබුණද පහරකෑමට ලක් වූ ශිෂ්‍යාවට ගවුමක් නොමැති වීම නිසා ඩෙනිම් කලිසමක් ඇඳගෙන ගොස් තිබෙනවා.
එහිදී උප ගුරුවරයෙකු ශිෂ්‍යාව දැක ‘අද ගවුමක් ඇඳගෙන එන්න කියලා තියෙද්දී මොකටද ඩෙනිමක් ඇඳගෙන ආවේ, ගැහැණු දරුවෙක් වගේ නෙවෙයි මිනිහෙක් වගේ‘ යනුවෙන් පවසා විදුහල්පති හිමිනමට දැනුම් දී ඇති අතර එම හිමිනමද මේ දැරිය පිරිමියෙකු වාගේ ඇඳගෙන විත් තිබෙන බව පවසා තිබෙනවා.
ඇඳුමක් නොමැති නිසා එලෙස පැමිණි බව ශිෂ්‍යාව කියා ඇති අතර, ඇය එහිදී දෝෂාරෝපණයට ලක් වී තිබෙන අතර එයින් පසු බියට පත්වු ශිෂ්‍යාව දින කිහිපයක් පාසල් නොගොස් නිවසට වී සිට තිබුණා.
පොලිසිය පවසන්නේ ඒ අවස්ථාවේදී තමාට අපහසුතාවයක් ඇති වූ බව පවසමින් ඇය නැවත පාසල් යාමට අකමැත්ත පළ කර ඇති අතර පසුගිය 09 වන දින ඇගේ මව මේ පිළිබඳව කෑගල්ල කලාප කාර්යාලයට පැමිණිලි කර තිබූ බවයි.
එයින් පසු නැවත පාසලට ගිය මේ දැරියට විදුහල්පති හිමිනම සහ උප ගුරුවරයෙකු මෙලෙස කණට පහර දී ශාරීරික හිංසා සිදු කර තිබෙන අතර පසුව එයට ප්‍රතිකාර ලැබීමට ඇය උත්සාහ කර ඇති අතර, කණේ කැක්කුම් වේදනා අඩු නොවීම නිසා ඔක්තෝබර් 16 වැනිදා කෑගල්ල මහ රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබනවා.
 
                                                        2025 නොවැම්බර් 01, පෙ.ව. 12:12
 
                                                        2025 නොවැම්බර් 01, පෙ.ව. 12:08
 
                                                        2025 ඔක්තෝබර් 31, පෙ.ව. 12:09
 
                                                        2025 ඔක්තෝබර් 30, පෙ.ව. 12:08
 
                                                        2025 ඔක්තෝබර් 29, ප.ව. 4:32
01-11-25
 
                                            01-11-25
01-11-25
 
                                            01-11-25
01-11-25
 
                                            01-11-25
01-11-25
 
                                            01-11-25
01-11-25
 
                                            01-11-25
01-11-25
 
                                            01-11-25
01-11-25
 
                                            01-11-25
01-11-25
 
                                            01-11-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25