2023 ඔක්‍තෝබර් 20, ප.ව. 5:58
ඇමරිකාවේ ආරම්භ කළ ප්‍රථම ථේරවාදී බෞද්ධ විහාරස්ථානය හා වොෂින්ටන් බෞද්ධ විහාරස්ථානයේ කඨින මහා පූජෝත්සවය මේ මස 22 දින වොෂින්ටන් බෞද්ධ විහාරාධිපති මහරගම ධම්මසිරි නායක ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි.
රතනසීහ හිමි, ප්‍රඥාතිස්ස සහ ප්‍රඥාලෝක හිමි යන හිමිවරුන් මෙවර වොෂින්ටන් විහාරස්ථානයේ වස් සමාදන්ව තිබෙනවා.
දශක හයකට ආසන්න කාල සීමාවක් අඛණ්ඩව වස් පිංකම් සිදු කරන වොෂින්ටන් බෞද්ධ විහාරස්ථානය ඇමරිකාවේ තිබෙන මහානුබල සම්පන්න බෞද්ධ විහාරය ලෙසද ප්‍රකට අතර මෙවර කඨින පිංකමේ ධාතු කරඩුව වැඩම කරවීම වොෂින්ටන් තානාපති මහින්ද සමරසිංහ මහතා සිදු කිරීමට නියමිතයි.
වියට්නාම් බෞද්ධයින් මෙවර පිංකම සදහා දායකත්වය සිදු කරනු ලබයි.
අපවත් වී වදාළ පරම පූජනීය මඩිහේ ප්‍රඥාසීහ මහ නාහිමියන් විසින් වොෂින්ටන් බෞද්ධ විහාරය ආරම්භ කළ අතර උන්වහන්සේ ජේෂ්‍ඨ ශිෂ්‍ය මහරගම වජිරඥාන ධර්මායතනාධිපති උතුරු ඇමරිකාවේ ප්‍රධාන සංඝ නායක මහරගම ධම්මසිරි නා හිමියන් වර්තමානයේ වොෂින්ටන් විහාරයේ විහාරාධිශ්වර ලෙස කටයුතු කරනු ලබයි.
2025 මැයි 18, පෙ.ව. 12:24
2025 මැයි 18, පෙ.ව. 12:12
2025 මැයි 18, පෙ.ව. 12:12
2025 මැයි 18, පෙ.ව. 12:09
2025 මැයි 18, පෙ.ව. 12:08