hit counter

2026 අප්‍රේල් මස 28 වන අඟහරුවාදා

2023 ඔක්‍තෝබර් 22, ප.ව. 8:10



ඊශ්‍රායලයේ ගැටුම් අතරතුර මියගිය අනුලා රත්නායක මහත්මියගේ දේහය හඳුනා ගැනීමට ඩි.එන්.ඒ පරික්ෂණයක් සිදු කිරීමට තීරණය කර ඇති බව ඊශ්‍රාලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පවසනවා.

ඒ සඳහා ඇයගේ දරුවන් දෙදෙනාගේ සහ නැගණියගේ ඩි.එන්.ඒ සාම්පල පරික්ෂාවක් සිදු කිරීමට නියමිත බවයි ඔහු පැවසුවේ.

ඒ අනුව අදාළ පුද්ගලයන් ගේ ඩි.එන්.ඒ සාම්පල ඊශ්‍රායලයට ලබාදෙන ලෙස ඉල්ලීමක් කර ඇති බවද තානාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.

පසුගිය දා තහවුරු වී තිබුණේ හමාස් සටන්කාමීන් විසින් එල්ල කළ ප්‍රහාරයකින් අනුලා රත්නායක මහත්මිය මියගොස් ඇති බවටයි.