2023 ඔක්‍තෝබර් 27, පෙ.ව. 12:02
තම පියාගේ ජංගම දුරකථනයේ මූණු පොත හරහා රාත‍්‍රී කාලයේ දවසට එක් අයකු බැගින් නිවසට ගෙන්වාගෙන තරුණයන් සමඟ හැසිරුණු අවුරුදු 15ක පාසල් සිසුවියකගේ ප‍්‍රකාශයක් මත මාරවිල පොලිසිය අත්අඩංගුවට ගත් 19 හැවිරිදි තරුණයන් දෙදෙනකු 29 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරයේ තැබීමට මාරවිල දිසා විනිසුරු හා මහෙස්ත‍්‍රාත් රඛිත පී. අබේරත්න මහතා ඉකුත් 15 වැනිදා නියෝග කළා.
මාරවිල පොලිසියට සිසුවියගේ නැන්දා කෙනකු විසින් සිදුකළ පැමිණිල්ලකට අනුව අත්අඩංගුවට ගත් සිසුවියගේ ප‍්‍රකාශය හේතුවෙන් අත්අඩංගුවට ගත හැකි වූයේ තරුණයන් දෙදෙනකු පමණක් බවත් තරුණයන් හත් අට දෙනකු සමඟ සිසුවිය රාත‍්‍රී 10ත් 12ත් අතර කාලයේ නිවසේ නාන කාමරයේ ලිංගිකව හැසිරී ඇති බවට තොරතුරු ලැබී ඇතැයි පොලිසිය කියයි.
පියාගේ ජංගම දුරකථනයෙන් මුහුණු පොත ඔස්සේ තමා ගැන විස්තර පළකර තරුණයන් හා දුරකථන පණිවිඩ අනුව සම්බන්ධ වී ඔවුන් ගෙන්වා ගෙන ඇත්තේ සිසුවිය නැන්දාගේ නිවසේ රැඳී සිටියදීය.
මාරවිල ප‍්‍රදේශයේ ප‍්‍රසිද්ධ විදුහලක ඉගෙනුම ලබන මෙම සිසුවිය වෛද්‍ය පරීක්ෂණ සඳහා මේ වන විට මාරවිල මූලික රෝහලට ඇතුළත් කර ඇත.
2026 ජනවාරි 01, පෙ.ව. 12:23
2026 ජනවාරි 01, පෙ.ව. 12:07
2026 ජනවාරි 01, පෙ.ව. 12:04
2025 දෙසැම්‍බර් 31, පෙ.ව. 12:12
2025 දෙසැම්‍බර් 30, පෙ.ව. 10:45
01-01-26
01-01-26
01-01-26
01-01-26
01-01-26
01-01-26
01-01-26
01-01-26
01-01-26
01-01-26
31-12-25
31-12-25
31-12-25
31-12-25
31-12-25
31-12-25
31-12-25
31-12-25
31-12-25
31-12-25
31-12-25
31-12-25
31-12-25
31-12-25