hit counter

2024 මැයි මස 08 වන බදාදා

2022 ජූනි 02, පෙ.ව. 9:52



පොරොන්දු වූ පරිදි යල කන්නයට පොහොර ලබා නොදුන් බැවින් ඊට අදාළ රාජ්‍ය නිලධාරීන්ට හා සමාගම් තුනකට එරෙහිව අධිකරණයේ නඩු පැවරීමට අම්පාර දිස්ත්‍රික් ගොවි සංවිධාන තීරණය කර තිබෙන බව ඒෂියන් මිරර් වෙත වාර්තා වෙනවා.

අම්පාර දිස්ත්‍රික් ගොවි ව්‍යාපාර කමිටු රැස්වීමේදී ඒකමතිකව එම තීරණය ගෙන තිබෙනවා.

අම්පාර නේවාසික ගොවි ව්‍යාපාර කළමනාකරණ කාර්යාලයේ පැවැති කන්න රැස්වීමේදී මෙම යෝජනාව කමිටු සභාපති සී.එච්. කුමාර මහතා විසින් ඉදිරිපත් කර තිබෙනවා.

යල කන්නයේ වගා කටයුතු ආරම්භ කිරීමට පෙර අම්පාර දිසාපතිවරයාගේ මූලිකත්වයෙන් පැවති කන්න රැස්වීමේදී වගාවට අවශ්‍ය පොහොර ප්‍රමාණවත් පරිදි ලබා දෙන බව දිසාපතිවරයා සහ ගොවිජන සේවා සහකාර කොමසාරිස්වරිය පවසා තිබෙනවා.

ඒ සඳහා සමාගම් තුනක් ඉදිරිපත් වී සිටින බව ද පවසා තිබෙනවා.

අදාළ සමාගම් ද අවස්ථා කිහිපයකදී ඉතා අඩු පොහොර ප්‍රමාණයක් ලබා දී ඇති අතර එම පොහොරද නියමිත ප්‍රමිතියට අනුව නොතිබුණ බව ගොවි කමිටු නියෝජිතයෝ පැවසූවා.

එසේ කටයුතු කළ පොහොර සමාගම් ගොවීන් අතරමං කර පළා ගොස් ඇතැයි ද ඔවුහු චෝදනා කළා.

මෙම තත්ත්වය හමුවේ ජූනි මස මුල් සතිය ඇතුළත නඩු පැවරීම සඳහා අවශ්‍ය කටයුතු සැලසුම් කරන බවත් ඊට පෙර පවතින තත්ත්වය සැල කර ගොවි සංගම් නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් සංදේශයක් ඉදිරිපත් කර වන්දි ලබා ගැනීමට කටයුතු කරන බවත් සභාපති කුමාර මහතා යෝජනාව ඉදිරිපත් කරමින් පැවසුවා.