hit counter

2026 පෙබරවාරි මස 17 වන අඟහරුවාදා

2023 නොවැම්‍බර් 05, ප.ව. 9:21



අද (05) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක කුසල් මෙන්ඩිස් ප්‍රකාශ කළේ, හෙට දින වෛද්‍යවරුන් ලබා දෙන නිර්දේශ මත මෙම තරගය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගන්නා බවයි.

අයි.සී.සී ලෝක ශූරතාවලියට සුදුසුකම් ලබා ගැනීම සඳහා හෙට (06) පැවැත්වෙන තරගය ඉතා වැදගත් වනවා.

කෙසේ වෙතත් මෙම වසර තුළ බංගලාදේශය සමඟ තරග රැසක් ක්‍රීඩා කර ඇති බැවින් ඊට පෙර සූදානමක් අවශ්‍ය නොවන බව ද කුසල් මෙන්ඩිස් කියා සිටියා.

එක්දින ලෝක කුසලානයේ හෙට පැවැත්වීමට නියමිත බංගලදේශය සහ ශ්‍රී ලංකාව අතර තරඟය පිළිබඳව මාධ්‍ය හමුවේදී ඉන්දීය මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට කුසල් මෙන්ඩිස් මෙලෙස උත්තර ලබාදී තිබුණා.

ඉන්දීය මාධ්‍යවේදීයා : විරාට් කෝලි අද ඔහුගේ 49 වෙනි එක්දින ශතකය වාර්තා කළා, ඔහු සචින් තෙන්දුල්කාර්ට සමාන වුණා, ඔබ ඔහුට සුබ පතන්න කැමතිද?

කුසල් මෙන්ඩිස් : ආයෙත් කියන්න ඒක…?

ඉන්දීය මාධ්‍යවේදීයා : විරාට් කෝලි ඔහුගේ 49 වෙනි ශතකය වාර්තා කළා, ඔබ ඔහුට සුබ පතන්න කැමතිද?

කුසල් මෙන්ඩිස් : ඇයි මම ඔහුට සුබ පතන්න ඕන…?





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: