hit counter

2025 සැප්‍තැම්‍බර් මස 09 වන අඟහරුවාදා

2023 නොවැම්‍බර් 09, පෙ.ව. 10:48



2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගීවන අවසන් තරගය අද නවසීලන්තය සමග බැංගලෝරයේදී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

මෙම තරගයට ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලානයේ ප්‍රසාද ලකුණු සටහනේ අවසන් ස්ථානයට අඩියක් ඉදිරියෙන් සිටිමින් එක්වන අතර ඔවුන්ට 2025 Champions Throphy සදහා සුදුසුකම් ලබා ගැනීමට නම් මෙම තරගය ජය ගෙන මෙවර ලෝක කුසලානයේ මූලික වටය අවසන් වන විට ප්‍රසාද ලකුණු සටහනේ 8 වැනි ස්ථානයේ හෝ ඉන් ඉදිරියේ සිටිමට සිදු වනවා.

ඒ Champions Throphy තරගාවලිය සදහා කණ්ඩායම් 8ක් පමණක් සුදුසුකම් ලබා ගැනීම නිසයි.

ශ්‍රී ලංකා – නවසීලන්ත තරගය පස්වරු 2ට ආරම්භ වනවා.