hit counter

2024 ඔක්‍තෝබර් මස 18 වන සිකුරාදා

2023 නොවැම්‍බර් 11, පෙ.ව. 10:40



ගාසා තීරයේ සිවිල් වැසියන්ට පහරදීම වරදක් බවත් එය නැවැත්විය යුතු බවත් ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන් පවසනවා.

ඔක්තෝබර් 7 වනදා ඊශ්‍රායලයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය තමන් හෙළා දකන බවත්, ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීමට ඊශ්‍රායලයට ඇති අයිතිය පිළිගන්නා බවත්, එසේ වුවද එහිදී සිවිල් වැසියන් විශාල වශයෙන් ඝාතනය වීම පිළිගත නොහැකි බවත් බීබීසී ආයතනය සමග පැවති සාකච්ඡාවකදී ඔහු ප්‍රකාශ කළා.

පවතින තත්ත්වය නම් ළදරුවන්, කාන්තාවන් සහ මහල්ලන්ට බෝම්බ ප්‍රහාර එල්ල වීම බවත්, එයට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවත් පවසන මැක්‍රොන් එම ප්‍රහාර නවත්වන ලෙස ඊශ්‍රායලයට දන්වන බව ද සඳහන් කළා.

ගාසා හි සිවිල් ජීවිත විනාශ වීම දිගටම පැවතුනහොත් වැඩි දිනක් ගතවීමට මත්තෙන් යුරෝපයේ ජනමතය ඊශ්‍රායලයට අවාසි සහගත ස්ථාවරයක් වෙත පැමිණිය හැකි යයි ඊශ්‍රායලයේ හිටපු අගමැති එහුඩ් බරාක් මෑතකදී පවසා තිබුණා. ඔහු සඳහන් කළේ මේ හේතුව නිසාවෙන්, ඊශ්‍රායලය හැකි ඉක්මණින් සිය යුධ මෙහෙයුම් සාර්ථක කරගත යුතු බවයි.

Example Image