hit counter

2026 මැයි මස 20 වන බදාදා

2026 මැයි 19, ප.ව. 6:12



1960 දශකයේ පටන් ඊශ්‍රායලයට හිසරදයක්ව සිටි පලස්තීන සටන්කාමී නායකයකු ලෙස කාලිල් අල්-වසීර් හෙවත් අබු ජිහාද් සලකන්න පුලුවන්.

යසර් අර්ෆත්ගේ නායකත්වයෙන් යුතු ෆටාහ් සංවිධානයේ සන්නද්ධ අංශය මෙහෙයවූ අබු ජිහාද් ඝාතනය කිරීමට ඊශ්‍රායලය අවස්ථා කිහිපයකදී කළ උත්සාහයන් ව්‍යර්ථ වුණා.

1988 මාර්තු මාසයෙදී ඊශ්‍රායලය නැවටත් අබු ජිහාද් ඝාතනයට කිරීමට මෙහෙයුමක් දියත් කළා.

මෙම මෙහෙයුම භාරදුන්නේ එවකට එහුඩ් බරාක් විසින් මෙහෙයවන ලද සයිරෙට් මට්කාල් විශේෂ ඒකකයටයි.

ඉතාමත් අවදානම් තත්ත්වයන් යටතේදී 1988 අප්‍රේල් මාසයෙදී එම මෙහෙයුම සාර්ථක කරගැනීමට එහුඩ් බරාක් ප්‍රමුඛ සයිරට් මට්කාල් ඒකකය සමත් වුණා.