hit counter

2024 ඔක්‍තෝබර් මස 05 වන සෙනසුරාදා

2023 නොවැම්‍බර් 15, පෙ.ව. 8:52



ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කටයුතු මෙහෙයවීම සඳහා ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පත් කරනු ලැබූ අතුරු පාලක කමිටුවේ කටයුතු අත්හිටුවමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීමේ සිද්ධියට අදාළ පෙත්සම් විභාගයෙන් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා ඉවත් වුණා.

අදාළ පෙත්සම සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී එම විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරු ධම්මික ගනේපොල මහතා සඳහන් කළේ පෞද්ගලික හේතුවක් මත තමන් මෙම පෙත්සම් විභාගයෙන් ඉවත් වන බවයි.

අදාළ පෙත්සම විභාගය සඳහා නව විනිසුරු මඩුල්ලක් නම් කිරිම වෙනුවෙන් එය අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා වෙත යළි යොමු කෙරුණා.

මෙම පෙත්සම සලකා බැලීම සඳහා ඩී. එන්. සමරකෝන් සහ නීල් ඉද්දවෙල යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල නම් කර බව අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා සඳහන් කළා.

මෙම නව විනිසුරු මඩුල්ල ඉදිරියේ අදාළ පෙත්සම මේ මස 16 වනදා යළි කැඳවීමට නියමිතයි.

Example Image