2022 ජූනි 04, පෙ.ව. 9:46
බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්‍ෂාව යටතේ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා රෝහලෙන් නිදහස් කර තිබෙනවා.
නමුත් බන්ධනාගාර ගත කිරීමට බන්ධනාගාර නිලධාරීන් ඊයේ (3) පස්වරුවේ සූදානම් වුවද හිටපු මන්ත්‍රීවරයාව නැවත රෝහල් ගත කළ බව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග පැවසුවා.
වෛද්‍ය නිර්දේශ මත රෝහල්ගත කරන්නේ නම් බන්ධනාගාර නිලධාරීන් ඒ සඳහා අවසර ලබාදිය යුතු බවත් හිටපු මන්ත්‍රීවරයා ඒ අනුව තව දුරටත් බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්‍ෂාව යටතේ ප්‍රතිකාර ලබන බවත් වාර්තා වනවා.
ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ 18 වැනි වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් දුමින්ද සිල්වා මහතාව ඊයේ පෙරවරුවේ රෝහලෙන් නිදහස් කළ ද ඒ මහත් නැවත අසනීප වීමෙන් නැවත රෝහල් ගත කළ බව වාර්තා වනවා.
2025 අගෝස්‍තු 03, පෙ.ව. 12:13
2025 අගෝස්‍තු 03, පෙ.ව. 12:10
2025 අගෝස්‍තු 03, පෙ.ව. 12:09
2025 අගෝස්‍තු 03, පෙ.ව. 12:07
2025 අගෝස්‍තු 03, පෙ.ව. 12:06