hit counter

2026 සැප්‍තැම්‍බර් මස 22 වන අඟහරුවාදා

2023 නොවැම්‍බර් 16, පෙ.ව. 9:04



ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ ආරක්ෂාව තවත් දැඩි කර තිබෙනවා.

ඔහු විසින් කරන ලද ඉල්ලීමක් මත ඊයේ දින සිට ඔහුගේ ආරක්ෂාවට අමතර පොලිස් නිලධාරීන් තිදෙනෙකු ලබා දී තිබෙනවා.

ඒ ඔහුට දැනටමත් සිටින නිලධාරින් ප්‍රමාණයට අමතරවයි.

ඒ අනුව මේ වන විට ඇමතිවරයාට ඇමති ආරක්ෂක අංශයේ නිලධාරීන් දස දෙනකුගේ ආරක්ෂාව හිමිව ඇත.

තමන්ට ජීවිත තර්ජන ඇති බවට ක්‍රීඩා අමාත්‍යවරයා විසින් මීට පෙර මහජන ආරක්ෂක අමාත්‍යාංශයට කරන ලද දැනුම් දීමක් මත මෙසේ ආරක්ෂාව තර කර තිබෙනවා.