hit counter

2026 ඔක්‍තෝබර් මස 25 වන ඉරිදා

2023 නොවැම්‍බර් 23, පෙ.ව. 12:03



පහලොස් හැවිරිදි දැරියක් ආගිය අතක් නොමැති බවට ලද පැමිණිල්ලක් අනුව පරීක්ෂණ කිරීමේදී දින හයකට පසු තරුණයෙකු සමඟ කාමරයක සිටියදී සොයාගත් බව පින්වත්ත පොලිසිය පවසනවා.

පහලොස් හැවිරිදි දැරිය රැගෙන ගොස් රදවා තබාගැනීම සම්බන්ධයෙන් තරුණයාද අත්අඩංගුවට ගත්බව පොලිසිය සඳහන් කළා.

සැකකාර තරුණයා දැරියව පානදුර,මාලමුල්ල ප්‍රදේශයේ පිහිටි සිය නැන්දාගේ නිවසේ රදවාගෙන සිටීයදී සොයාගත් බව පොලිසිය පැවසුවා.

දැරිය අධිකරණ වෛද්‍යවරයෙක් හමුවට යොමුකිරීම සඳහා රෝහල් ගතකර ඇතැයි රෝහල් ප්‍රකාශයකයෙක් පැවසුවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: