2023 නොවැම්බර් 24, පෙ.ව. 12:17
බටහිර ඉන්දීය කොදෙව් තුන් ඉරියව් ක්‍රීඩක Marlon Samuelsට වහාම ක්‍රියාත්මක වන පරිදි වසර හයක ක්‍රිකට් තහනමක් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා.
2019 වසරේ දී අබුඩාබි T10 ක්‍රිකට් තරගාවලිය අතරතුර ඔහුට දූෂණ විරෝධී චෝදනා එල්ල වූ අතර පසුව සිදු කළ නඩු විභාගයකින් ඔහු වරදකරු ලෙස තහවුරුව තිබෙනවා.
2012 T20 ලෝක කුසලානයේදී ශ්‍රී ලංකාවට එරෙහිව අවසන් තරගයේදී Marlon Samuels ක්‍රීඩා කළ ඉනිම සහ 2016 T20 ලෝක කුසලානයේදී ඔහුගේ ඉනිම කැපී පෙනුණා.
දෙවරක් T20 ලෝක කුසලානය සිය කණ්ඩායමට දිනා දීමට විශාල දායකත්වයක් සැපයූ ඔහු ක්‍රීඩාවට අපකීර්තිය ගෙන දෙන සිදු වීමක් සඳහා ලැබූ ත්‍යාගයක් හෝ මුදලක් සම්බන්ධව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ විමර්ශන නිලධාරියාට වාර්තා නොකිරීම යටතේ ඔහුට මූලික චෝදනා ගොනු කර තිබුණා.
එමෙන්ම ඩොලර් 750ක කුවිතාන්සියක් ඔහු විසින් හෙළි නොකිරීම සහ අදාළ විමර්ශන කටයුතු සඳහා සහය නොදක්වා එයට බාධා හෝ ප්‍රමාද වන ලෙස කටයුතු සිදු කිරීම යටතේ ඔහුට තවත් චෝදනා එල්ල වුනා.
ඒ අනුව Samuels හට 2023 වසරේ නොවැම්බර් මස 11 සිට බලාත්මක වන පරිදි වසර 6ක තහනමක් පැනවෙනවා
.
2024 දෙසැම්බර් 20, පෙ.ව. 12:24
2024 දෙසැම්බර් 19, පෙ.ව. 8:32
2024 දෙසැම්බර් 17, ප.ව. 11:21
2024 දෙසැම්බර් 16, පෙ.ව. 9:17
2024 දෙසැම්බර් 16, පෙ.ව. 8:39