hit counter

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා

2023 නොවැම්‍බර් 29, පෙ.ව. 12:02



සියලුම රාජ්‍ය නිලධාරීන් ආයතන සංග්‍රහය අනුව කටයුතු කරන්නේ නම් සේවා ලබා ගැනීමට පැමිණෙන කිසිදු පුද්ගලයෙකු අපහසුතාවයට පත් නොවන බව රජයක් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ජගත් කුමාර සුමිත්‍රාආරච්චි මහතා පවසනවා.

මහජනතාව විසින් විවිධ කාරණා සම්බන්ධයෙන් විමසීම් සිදුකර, ආයතන සඳහා යොමු කරන ලිපි සඳහා කඩිනමින් පිළිතුරු ලිපි යොමු කිරීම ත්‍යාවශ්‍ය කටයුත්තක් බවයි ඔහු සඳහන් කළේ.

පසුගියදා රජයක් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව රැස්වූ අවස්ථාවේදී ජගත් කුමාර සුමිත්‍රාආරච්චි මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළා.

ඊට බස්නාහිර පළාතේ නගර සභා ,මහනගර සභා සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වල ප්‍රධානීන් ද කැඳවා තිබුණා.

එහිදී රාජ්‍ය ආයතනවලින් සේවා ලබාගැනීම සඳහා පැමිණෙන මහජනතාවට සමාන අයුරින් සලකා අවශ්‍ය සේවා කටයුතු සිදු කරන ලෙසද උපදෙස් ලබා දී තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: