2023 නොවැම්බර් 29, පෙ.ව. 8:05
ඔස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර 3 T20 තරගය ජය ගැනීමට ඔස්ට්‍රේලියාව සමත් වුණා.
තරගය පැවැත්වුණේ ගුවාටිහිදීයි.
තරගයේ කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියානු කණ්ඩායම ප්‍රථමයෙන් පන්දු යැවීමටයි තීරණය කළේ.
ඒ අනුව පන්දුවට පහර දුන් ඉන්දියානු කණ්ඩායම තමන්ට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 03ක් දැවී ලකුණු 222ක් ලබා ගත්තා.
Ruturaj Gaikwad නොදැවී ලකුණු 123ක් ලබාගත් අතර Suryakumar Yadav ලකුණු 39ක් ලබා ගැනීමට සමත් වුණා.
පිළිතුරු ඉනිම ආරම්භ කරමින් ලකුණු 223ක ඉලක්කයක් හඹා ගිය ඔස්ට්‍රේලියානු කණ්ඩායම තමන්ට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 225ක් රැස් කරමින් තරගය ජය ගත්තා.
ග්ලෙන් මැක්ස්වෙල් පන්දු 48කට මුහුණ දෙමින් නොදැවී ලකුණු 104ක් ලබා ගත්තා.
තරග පහකින් සමන්විත T20 තරගාවලිය තරග 2-1ක් ලෙස පෙරමුණේ පසුවන්නේ ඉන්දීය කණ්ඩායමයි.
2024 දෙසැම්බර් 20, පෙ.ව. 12:24
2024 දෙසැම්බර් 19, පෙ.ව. 8:32
2024 දෙසැම්බර් 17, ප.ව. 11:21
2024 දෙසැම්බර් 16, පෙ.ව. 9:17
2024 දෙසැම්බර් 16, පෙ.ව. 8:39