2023 දෙසැම්‍බර් 04, පෙ.ව. 12:00
            
ආදරය සුන්දර වරදකී කියලා හිතෙන්නේම මෙන්න මේ වගේ කතා අහනකොට.
මේ කතාව වාර්තා වෙන්නේ නිට්ටඹුව, එල්ලක්කල ප්‍රදේශයෙන්.
එම ප්‍රදේශයේ පිහිටි හෝටල් කාමරයක ලැගුම් ගෙන සිටියදී පෙම්වතියට මේ වගේ දෙයක් කරන්න ඔහුට පුළුවන් වුණාද?
ඔහු තම පෙම්වතියට මේ හෝටල් කාමරය තුළදී පහරදී බරපතළ තුවාල සිදුකර තිබෙනවා.
මේ විදිහට පහර කෑමට ලක්වෙච්ච පෙම්වතිය බරපතළ තුවාල ලැබූ අතර, ඇය වතුපිටිවල රෝහලට ඇතුළත් කර පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත මාරු කර යවා තිබෙනවා.
කොහොම වුණත් පහර කෑමට ලක්වූ තරුණිය මේ ගැන පොලීසියට පැමිණිලි කර ඇති අතර පෙම්වතියගේ ජංගම දුරකථන අංකයට ලැබී තිබූ ඇමතුමක අංකයක් ගැන ඔහු ඇයගෙන් විමසීමේදී දෙදෙනා අතර ඇතිවූ බහින්බස් වීමක් දුරදිග ගොස් පසුව ඇයට පහර දී තිබෙන බවයි පොලිසිය පවසනවා.
මෙම යුවළ එල්ලක්කල ප්‍රදේශයේ පිහිටි හෝටලයේ කාමරයක ලැගුම්ගෙන සිටි අතරවාරයේ සැකකරු මත්පැන් පානය කර ඇති බවටද පසුව සිදුකළ විමර්ශනවලදී අනාවරණ වී තිබුණා.
                                                        2025 නොවැම්බර් 04, පෙ.ව. 12:06
                                                        2025 නොවැම්බර් 04, පෙ.ව. 12:02
                                                        2025 නොවැම්බර් 03, පෙ.ව. 12:07
                                                        2025 නොවැම්බර් 03, පෙ.ව. 12:06
                                                        2025 නොවැම්බර් 02, ප.ව. 8:17
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
03-11-25
                                            03-11-25
03-11-25
                                            03-11-25
03-11-25
                                            03-11-25
03-11-25
                                            03-11-25
03-11-25
                                            03-11-25
02-11-25
                                            02-11-25