2023 දෙසැම්‍බර් 06, ප.ව. 7:58
යුක්රේන හමුදාවේ සේවය කළ ශ්‍රී ලාංකික සෙබළුන් තිදෙනෙකු රුසියානු ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වනවා.
එම හමුදාවේ පළමුවන විශේෂ බලගණයේ අණදෙන නිලධාරී කපිතාන් රනිෂ් හේවගේද එම තිදෙනා අතර වන බවයි වාර්තා වන්නේ.
කපිතාන් හේවගේ ශ්‍රි ලංකා යුද හමුදාවෙන් නිත්‍යානුකූලව ඉවත්ව යුක්රේන හමුදාවේ නිත්‍ය සේවයට එක්ව ඇත්තේ පසුගිය වසරේදී යි.
ශ්‍රී ලංකා පාබල හමුදාවේ සහ කොමාන්ඩා් බලකායේ සේවය කොට නීත්‍යානුකූලව ඉන් ඉවත් වූ රනිෂ් හේවගේ කපිතාන්වරයකු ලෙස 2022 වසරේ මාර්තු මාසයේදී යුක්රේන යුද හමුදාවේ නිත්‍ය සේවයට එක්ව තිබෙනවා.
රුසියාවට එරෙහිව – යුක්රේන යුධ පෙරමුණේ දැක්වූ දස්කම් නිසාම කපිතාන් රනිෂ් හේවගේ යුක්රේන ජනපති සම්මානයට ද පාත්‍රවුණා.
යුක්රේන යුද පෙරමුණේ ඉදිරිපෙළ මෙහෙයුමකට එක්ව සිටි කපිතාන් රනිශ් හේවගේ ඇතුළු භට කණ්ඩායමට පසුගිය 04 වැනිදා රුසියානු ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.
එහිදී එම බලඇණියේ සිටි තවත් ශ්‍රී ලාංකික සෙබළෙකු මිය ගොස් ඇති අතර කපිතාන් රනිශ් ඇතුළු තවත් ශ්‍රි ලාංකික භට පිරිසක් ඔහුගේ සිරුර ඉවත් කර ගැනීමට ඉදිරිපත් වී ඇති බව මාධ්‍ය වාර්තාවල සඳහන්.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම අවස්ථාවේ අඛන්ඩව එල්ල වූ රුසියානු කාලතුවක්කු සහ ඩ්‍රෝන ප්‍රහාරවලින් තවත් ශ්‍රී ලාංකික සෙබළෙකු සහ කපිතාන් රනිෂ් හේවගේ මිය ගොස් ඇති බවයි.
2025 මැයි 11, පෙ.ව. 12:30
2025 මැයි 11, පෙ.ව. 12:08
2025 මැයි 11, පෙ.ව. 12:04
2025 මැයි 10, ප.ව. 8:55
2025 මැයි 10, පෙ.ව. 12:27
11-05-25
11-05-25
11-05-25
11-05-25
11-05-25
11-05-25
11-05-25
11-05-25
11-05-25
11-05-25
10-05-25
10-05-25
10-05-25
10-05-25
10-05-25
10-05-25
10-05-25
10-05-25
10-05-25
10-05-25
09-05-25
09-05-25
09-05-25
09-05-25