2023 දෙසැම්බර් 08, ප.ව. 2:38
කිලිනොච්චිය කරච්චි භාරතීපුරම් ප්‍රදේශයේදී ඊයේ (07) සවස මාර්ගයක ඉදිකොට තිබූ පාලමක් කඩා වැටීම හේතුවෙන් දෙදෙනෙකු බරපතල තුවාල ලබා තවත් දෙදෙනෙකු සුලුතුවාල ලබා ඇතැයි කිලිනොච්චිය පොලීසිය පවසයි.
කරච්චි ප්‍රාදේශීය සභාවට අයත් මෙම පාලම මතින් ඊයේ (07) සවස යතුරුපැදියක් ගමන්කරන අවස්ථාවේදී එකවරම පාලම කඩාවැටී යතුරුපැදියේ ගමන්ගත් දෙදෙනෙකු බරපතල තුවාල ලබා රෝහල්ගත කල අතර තවද එම ස්ථානයෙන් පාගමනින් ගමන්ගත් දෙදෙනෙකුට සුලු තුවාල සිදුව තිබෙනවා.
අදාල පාලම වෙනුවෙන් රුපියල් ලක්ෂ 15 කට ආසන්න මුදලක් ඇස්තමේන්තු කොට ඇතැත් කිසිදු ප්‍රමිතියකින් තොරව කරච්චි ප්‍රාදේශීය සභාව මගින් මෙම පාලම ඉදිකොට ඇතැයි ප්‍රදේශවාසීන් පැවසූවා.
කරච්චි ප්‍රාදේශීය සභාවේ ලියාපදිංචි කොන්ත්‍රාත් කරුවෙකු මාර්ගයෙන් 2019 වසරේදී ඉදිකොට ඇතත් වසර 5 ක් ගතවීමටත් පෙර මෙලෙස පාලම කඩාවැටීම මගින් කොන්ත්‍රාත්කරු කිසිදු ප්‍රමිතියකින් තොරව මෙම පාලම හදා ඇති බවටද ප්‍රදේශවාසීන් පෙන්වා දෙනවා.
කෙසේ වෙතත් සවස් කාලයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවට අයත් බස්රථද මෙම මාර්ගයේ ගමන් කිරීමට නියමිතව තිබූ අතර එලෙස බස්රථයක් ගමන්කරන අවස්ථාවේදී පාලම කඩාවැටුනේ නම් හානිය මීට වැඩිවිය හැකි බවටත් වහාම නියමිත ප්‍රමිතියකින් යුතු පාලමක් ඉදිකර දෙන ලෙසද ප්‍රදේශවාසීන් වැඩිදුරටත් ඉල්ලා සිටියා..
මේ සම්බන්ධයෙන් කරච්චි ප්‍රදේශීය සභාවේ සභාපතිවරයා සම්බන්ධ කරගැනීමට උත්සහ ගත්තද මාධ්‍යට අදහස් පලකිරීමෙන් වැලකී සිටියා.
පාලම කඩාවැටී දෙදෙනෙකුට බරපතල තුවාල සිදුවීම සම්බන්ධයෙන් කිලිනොච්චිය පොලීසිය වැඩිදුර පරික්ෂණ සිදු කරයි.
2025 ජනවාරි 11, පෙ.ව. 12:27
2025 ජනවාරි 11, පෙ.ව. 12:15
2025 ජනවාරි 11, පෙ.ව. 12:11
2025 ජනවාරි 11, පෙ.ව. 12:08
2025 ජනවාරි 11, පෙ.ව. 12:07