hit counter

2026 මැයි මස 05 වන අඟහරුවාදා

2022 ජූනි 07, ප.ව. 1:52



පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චිගේ පුත්‍රයා සහ ඔහුගේ ලේලිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශ කාර්යාලය සඳහන් කළේ, වීරකැටිය පොලිසිය භාරවීමෙන් අනතුරුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

ඒ අනුව, ඔවුන් අද (07) වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ බැදිගම හුවමාරුවේදී පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම සහ සාපරාධී බලහත්කාරය සිදු කිරීම සම්බන්ධයෙන් ඔවුන්ට විරුද්ධව චෝදනා එල්ල වී තිබෙනවා.