hit counter

2026 සැප්‍තැම්‍බර් මස 05 වන සෙනසුරාදා

2023 දෙසැම්‍බර් 18, පෙ.ව. 8:55



එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව මණ්ඩලය මේ වන විට පත් කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග හෙළි කළා.

ඒ අනුව ලබන ජනවාරි 01 වැනිදා සිට පක්ෂයේ තීරණ හා බලතල මෙම නායකත්ව මණ්ඩලය සතු වන බවද වාර්තාවේ.

නායකත්ව මණ්ඩලය පත්කිරීම නිසා ඇතැම් තනතුරු ගණනාවක් අහෝසි වී ඇති බවද දැන ගන්නට ඇත.

රුවන් විජේවර්ධන,රවී කරුණානායක,අකිල විරාජ් කාරියවසම්,සාගල රත්නායක,හරින් ප්‍රනාන්දු,නවීන් දිසානායක සහ වජිර අබේවර්ධන එජාප නායකත්ව මණ්ඩලයට පත් කර තිබෙන බවද ඉහත ආරංචි මාර්ග තහවුරු කළා.

මේ අතර ඉදිරි කාලයේ මහ ලේකම් තනතුරද වෙනස් කිරීමට නියමිතව තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: