hit counter

2026 මාර්තු මස 05 වන බ්‍රහස්පතින්දා

2023 දෙසැම්‍බර් 18, ප.ව. 1:28



ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව අද පස්වරුවේදී ශ්‍රී ලංකා ක්‍රිකට් මුලස්ථානයේදී තීරණාත්මක සාකච්ඡාවට එක්වීමට නියමිත බව ක්‍රිකට් ආරංචි මාර්ග වාර්තා කරනවා.

සිම්බාබ්වේ තරගාවලියට සහභාගීවන ශ්‍රී ලංකා සංචිතය නම් කිරීම ගැන මෙහිදි සාකච්ඡා කරනු ඇති.

මීට අමතරව නව ක්‍රිකට් නායකයින් සම්බන්ධයෙන් ද අවසන් තීරණය ද මෙම සාකච්ඡාවේදී ගනු ලැබීමට නියමිතය.

වනිඳු හසරංග T20 නායකත්වයට ද, කුසල් මෙන්ඩිස් එක්දින නායකත්වයට ද, ධනංජය ද සිල්වා ටෙස්ට් නායකත්වයට ද පත් කිරීමට නව තේරීම් කමිටුවේ අවධානය යොමු වී ඇත්තේය.