2023 දෙසැම්‍බර් 19, පෙ.ව. 12:00
ජීවිතේ ආසාවල් කියන දේවල් අසීමිතයි.. කවුරු හරි වෙනුවෙන් ඇති වෙන ආසාවක් හරි ආදරයක් හරි වෙනත් නාඳුනන හැඟීමක් හරි… පමණ ඉක්මවා ගිය තැන වේදනාවක් විතරමයි ඉතිරි… එතනින් එහා ජීවිතේ කළකිරීමක් හරි පසුතැවීමක් නැත්තම් අවලස්සන මතක ඉතිරි වෙනවා…
මේ කතාවත් ඒ විදිහේ කතාවක්..
තමන්ගේ අසීමිත ආසාවන් පාලනය කරගන්න බැරිම තැන අන්ත අසරණ වුණු තරුණයෙක්..
“මට බෝඩිමක් හොයලා දුන්නෙ වැඩ කරන තැන කොල්ලෙක්. ඌ හිටපු තැනමයි. තට්ටු දෙකයි බෝඩිමේ.. මම හිටියේ පහළ.. පහළම තමා ආන්ටියි එයාගේ දුවයි හිටියේ. ආන්ටිගේ හස්බන් නෑ. පොර දාලා ගිහින් කියලා කියන්නෙ. හැබැයි බෝඩිමේ පරණ උන් නම් කියන්නෙ ආන්ටිගේ ලව් සීන් හොර කේස් මාට්ටු වෙලාලූ මිනිහා ගිහින් තියෙන්නෙ..”
“ආන්ටිගේ කෙල්ල පට්ට කෑල්ල. බෝඩිමේ හැමෝම වගේ කෙල්ලට ට්‍රයි කළා. ඒත් ඉතින් වාසනාවන්තයා වුණේ මම. මොකද ඔය කෙල්ලගේ ලැප් එකේ හාඩ්වෙයාර් එහෙම දාන්න අරන් එන්නෙ මගේ ළඟට. මම අයිටී වැඩ්ඩා නිසා මම තමයි ඒවා හදන්නෙ. කොහොම හරි ඉතින් කෙල්ල මට සෙට්. පස්සෙ ආන්ටිට හොරෙන් අපි හම්බුණා. ගියා…”
“වෙන්න වුවමනා හැමදේම වුණා. කොහොමත් කෙල්ල මට කලින් කොල්ලෙක් එක්ක ඉඳලා තියෙනවා. ඒ නිසා මටත් ඉතින් ගාණක් වුණේ නෑ. අපි දෙන්නා සති දෙකකට සැරයක් රූම් ගියා.. හැබැයි වැඩිකල් නටන්න හම්බුණේ නෑ. බෝඩිමේ ම හිටපු ඉරිසියාකාරයෙක් අපි ගැන කේළම් කියලා ආන්ටිට..”
“ආන්ටි දවසක් නංගි නැති අතරේ ආවා මගේ රූම් එකට. ඇවිත් මට බැන්නා. හොඳටම බැන්නා !
ආන්ටිගේ ඇස් දෙකෙන් කඳුළු පනිනවා. පස්සෙ ගෑනි එකාපරම මාව බදාගෙන.. ‘මට තියෙන්නෙ දුවත් එක්ක ඉරිසියාවක්’ කිව්වා. පස්සෙ එකාපරම පිස්සුවෙන් වගේ මාව ඉඹින්න ගත්තා..”
“මටත් ඉතින් හැඟීම් දැනීම් තියෙන එකෙක්නෙ. මාත් ආන්ටිට අවනත වුණා. පස්සෙ ඒකත් ඇබ්බැහියක් වුණා. ඒත් කෙළවර දුකක් තමයි වුණේ. කෙල්ල දැනගත්තා. පස්සෙ මා එක්ක රණ්ඩු වුණා. බෝඩිමේ එවුන්ටත් මම චාටර් වුණා. අන්තිමට මම බෝඩිමෙන් එළියට බැස්සා..”
“මට ආරංචි වුණා මම ගියාට පස්සෙත් කෙල්ල බෝඩිමේ තව එකෙක් එක්ක සෙට් වුණා කියලා”
2025 පෙබරවාරි 05, පෙ.ව. 12:05
2025 පෙබරවාරි 04, පෙ.ව. 12:20
2025 පෙබරවාරි 03, පෙ.ව. 11:59
2025 පෙබරවාරි 03, පෙ.ව. 12:20
2025 පෙබරවාරි 02, පෙ.ව. 12:03
05-02-25
05-02-25
05-02-25
05-02-25
05-02-25
05-02-25
05-02-25
05-02-25
04-02-25
04-02-25
04-02-25
04-02-25
04-02-25
04-02-25
04-02-25
04-02-25
04-02-25
04-02-25
03-02-25
03-02-25
03-02-25
03-02-25
03-02-25
03-02-25